NO PMC
Photo
" සෞඛ්‍ය ලේකම්තුමනි, අපි මේ අවුරුද්දෙ ගේමක් ගහලා post intern පත්වීම් ටික අරං දුන්නා..අපි ලබන අවුරුද්දෙ මොකද්ද කරන්නෙ? මං ඊයෙ පොල්දූව හන්දියෙන් යද්දි දැක්කා රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක්. අපිට වැඩි කල් නොයා රැකියා විරහිත MBBS උපාධිධාරීනුත් පාරෙ ඉන්නවා බලන්න පුළුවන් වෙයි"
ඉතින් MBBS කළාට රස්සා තියෙයිද? 🙄
ඡායාරූපය : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ 'ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය' සංකල්ප පත්‍රිකාවේ 12 වැනි පිටුව
හිතන්න ! මේ රාජ්‍ය වෛද්‍ය පීඨ විතරයි. අපි නොහිතන තරම් වේගෙන් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව වැඩි වෙනවා. කොතලාවල හරහා ලක්ෂ 150ට MBBS උපාධිධාරීන් හදනවා. මේ සේරම ඉස්සරහට රස්සා බලාපොරොත්තුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට එනවා.
ආං ඒ අතරෙ ලයිසියම්, NSBM, SLIIT, Gateway පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න හදනවා. මේ සේරටම රස්සා කෝ ?
අපි රටක් විදිහට කොහාටද යන්නෙ?
රටේ වෛද්‍ය අධ්‍යාපනය කොහාටද යන්නෙ?
UGC එක කියනවා රාජ්‍ය වෛද්‍ය උපාධිධාරියෙක් හදන්න ලක්ෂ 55ක් යනව කියල. මේ ඔබේ මගේ බදු සල්ලි. ඒ මුදලින් වෛද්‍ය උපාධිධාරීන් හදල ඔවුන්ගෙ සේවය රටට ගන්න බැරි නම් අපි රටක් විදිහට ෆේල් නැද්ද? මේව නෙමෙයිද ප්‍රතිපත්ති හදද්දි හිතන්න ඕනෙ ?
දැන්වත් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි ජාතික ප්‍රතිපත්තියක් ඕනෙ.
ඔය අතරෙ සමසෞඛ්‍ය උපාධිධාරීන් ගැන අපූරු යෝජනාවක් ආණ්ඩුව ගෙනල්ල. රජයේ වගේම පෞද්ගලික ආයතන වලින් උපාධි ලබාගත්ත සමසෞඛ්‍ය උපාධිධාරීන් හැමෝටම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් තියල වැඩිම ලකුණු ගන්න අයට විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සීමිත රස්සා ප්‍රමාණය දෙන්න තීරණය කරලා.
ඔය යෝජනාවම වෛද්‍ය උපාධිධාරීන්ට අනාගතේදි යොමු වෙන්නෑ කියල කාටද හිතන්න පුළුවන් 😃
ඉතින් MBBS කළාට රස්සා තියෙයිද? 🙄
ඡායාරූපය : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ 'ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය' සංකල්ප පත්‍රිකාවේ 12 වැනි පිටුව
Rashmika Chamod Ranasinghe
(වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු)
NO PMC
Photo
පශ්චාත් කොතලාවල සමය 01
කොතලාවල ආයතනය හරහා වෛද්‍ය උපාධිය මුදලට ලබාදීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවෙන් තීරණය ඇවිත් අදට සතියක්. මේ වෙද්දි ඒ තීරණය සම්බන්ධයෙන් අලුත්ම ප්රවණතා උද්ගත වෙලා තියෙන බව දකින්න පුළුවන්. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් විපක්ෂය විසින් එම තීරණයට විරෝධය දක්වනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඒ තීරණය ගත්තෙ ඇයි කියනෙක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තවම නම් නෑ.
ඊට අමතරව කොතලාවල ආයතනයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍යන්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. ඒ අතරින් විශේෂ වුණේ කොතලාවල නීති පීඨයේ ශිෂ්‍යයෙක් තැබූ සටහනක්.
ඇත්තටම ඒ ශිෂ්‍යයා සෑහෙන අවදානමක් අරං තියෙනවා ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහනක් තැබීමෙන්. මොකද කොතලාවල ආයතනයේ ශිෂ්‍ය අත්පොතට අනුව උපකුලපතිගේ අවසරයකින් තොරව මාධ්‍යයේ පෙනී සිටීමට හෝ සමාජ මාධ්‍යවල ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වන්න බෑ. කොහොම නමුත් ඒ ශිෂ්‍යයා මතු කරල තියෙන කතාව ඉතාම වැදගත්.
ඔහු පෙන්වන්නෙ රජයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ විරෝධය එල්ල වූ කොතලාවල වෛද්‍ය පීඨය මගින් මොරටුව වෛද්‍ය පීඨයේ ශිෂ්‍යන්ට විද්‍යාගාර පහසුකම් සලසන බව. එනිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යන් උනන්දු විය යුත්තේ කොතලාවල සම්බන්ධයෙන් නොව තමන්ගේම පීඨ ගොඩනගා ගැනීමට බව ඔහු පෙන්වා දෙනවා.
ඒ කියන කතාව බොරුවක් නෙමෙයි. නමුත් ඔහු වරදවා වටහාගෙන තියෙන කතාව අපේ ශිෂ්‍යන් ඉල්ලා සිටියේ කොතලාවල වෛද්‍ය පීඨය වසා දැමීමට බව. ඒක වැරදියි. අපගේ විරෝධය පැවතුණේ කොතලාවල වෛද්‍ය පීඨය හරහා සිවිල් සිසුන්ට මුදලට උපාධිය ලබා දීම පිළිබඳව. නැතුව පීඨය වහන්න ඉල්ලීමක් අපේ තිබ්බෙ නෑ.
කොහොම උනත් මොරටු කතාව එක්ක අපිටත් ප්‍රශ්නයක් තිබ්බා. මොරටුව සහ කොතලාවල අතර සම්බන්ධතා තිබ්බෙ අද ඊයෙ නෙමෙයි. 1980දි කොතලාවල ඇකඩමිය පටන් ගත්තාමත් උගන්වන ආචාර්ය මණ්ඩල සහ භෞතික පහසුකම් නොතිබ්බ නිසා කැඩෙට් ශිෂ්‍යන්ට මොරටුවට එවා අධ්‍යාපනය ලබා දුන්නා. ඒ අතීතයෙදි.
2019දි ආරම්භ කෙරුණු මොරටුව වෛද්‍ය පීඨයට පසුගිය වසරේ ගොඩනැගිල්ලකට මුල් ගල තියෙන කන් නිශ්චිත භෞතික සම්පත් තිබ්බෙ නෑ. මේ හේතුව නිසා මොරටුවෙ වෛද්‍ය ශිෂ්‍යයො වෙනත් වෛද්‍ය පීඨ සහ ආයතන හරහා ලැබුණු පහසුකම් වලින් තමා අධ්‍යාපනය ලැබුවෙ. වෛද්‍ය අධ්‍යාපනයේ පළමු දෙවසර තුළ කායව්‍යච්ඡේද විද්‍යාව, ජෛව රසායන විද්‍යාව සහ භෞතවේදය ඉගැන්වෙනවා. මේ විෂයන් තුනටම ප්‍රායෝගික පරීක්ෂණ අත්‍යාවශ්‍යයි.
ඔතන අමාරුම වැඩේ තමයි කායව්යච්ඡේදය. ඒ සඳහා මළ සිරුරු විච්ඡේදනය කරමින් මානව දේහයේ ව්‍යුහය අධ්‍යනය කරන්න ඕනෙ.
මොරටුවෙ වෛද්‍ය ශිෂ්‍යන්ට ජෛව රසායන විද්‍යාව මුල්කාලයේදි මොරටුවෙම රසායනික ඉංජිනේරු විද්‍යාගාර තුළත්, භෞතවේද පරීක්ෂණ කොළඹ වෛද්‍ය පීඨය හරහාත් ලබා දුන්නා. ගැටලුව උනේ කායව්‍යච්ඡේද විද්‍යාවට. මේ සඳහා මොරටුවෙ පීඨ පරිපාලනය තෝරාගත්තෙ කොතලාවල වෛද්‍ය පීඨය.
මුල් කාලයේදී ශිෂ්‍යන්ව එකඟතාවයන් මත යැවුණත් පසුව 2023 පෙබරවාරි මාසෙ 03 වැනිදා කොතලාවල සහ මොරටුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා. එමගින් කොතලාවල හරහා අවශ්‍ය පහසුකම් ලබාගන්නව කියල තමා පෙන්වා දුන්නෙ.
හැබැයි පස්සෙ හොයල බැලුවට මේ MoU එකවත්, ඒකෙ අඩංගු කොන්දේසිවත් මොරටුව පරිපාලනයේ කිහිපදෙනෙකු ඇරෙන්න කිසිවෙක් දැන සිටියේ නෑ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල තීරණ ගන්නේ විශ්වවිද්‍යාල සභාව, සනාතන සභාව හා පීඨ මණ්ඩල වල අනුමැතියෙන්. ඒත් අදාළ MoU සම්බන්ධයෙන් ඒ ආයතනවල සාකච්ඡා වුණාද යන්න ප්‍රශ්නයක් ඒ කාලෙත් තිබුණා.
මොරටුව පරිපාලනයට කායව්යච්ඡේදය සඳහා කොතලාවලම තෝරගන්න හේතු තියෙන්න ඕනෙ. මොකද අවශ්‍ය නම් අනෙක් විෂයන් සඳහා භාවිතා කළ කොළඹ වෛද්‍ය පීඨය තුළත්, එහෙම නැතිනම් ඊටත් ආසන්නයෙන් මොරටුවට ළඟා වෙන්න පුළුවන් ජපුර වෛද්‍ය පීඨයේත් ඊට අවස්ථාව සලසාගන්න තිබ්බා. මොකද කොතලාවලට වඩා අදාළ රාජ්‍ය වෛද්‍ය පීඨ දෙකම UGC හරහා පාලනය වෙන, වෛද්‍ය සභාවට ඍජුව වගකියන ආයතන. නමුත් ජපුරට නම් එහෙම ඉල්ලීම් ඇවිත් තිබුණෙ නෑ.
නමුත් ඒ වෙනුවට මොරටුවෙන් තෝරාගත්තෙ කොතලාවල.
පසුව දැනගන්න ලැබුණා මොරටුව විශ්වවිද්‍යාලය විසින් කායව්යච්ඡේදය අරඹා දෙවසරක් තුළ කොතලාවල ආයතනයට එකී පහසුකම් වෙනුවෙන් මිලියන 2 ක් පමණ ගෙවා ඇති බව.
එවගේම මොරටුවෙන් කොතලාවල තෝරාගන්න මුල් වුණු තවත් හේතුවක් වුණේ එහි තියෙන 'විනයවත්' පරිසරය. කිසිමදාක සිය පීඨ පරිපාලනය ප්‍රශ්න නොකරන, ශිෂ්‍ය අයිතීන් නොහඳුනන පරිසරයක්, නිතර සිය අයිතීන් වෙනුවෙන් හඬ නගන රාජ්‍ය වෛද්‍ය පීඨයකට වඩා මොරටුවෙ නවක ශිෂ්‍යන්ට අධ්‍යාපනය ලබා දෙන්න සුදුසු බව මොරටු පාලනාධිකාරිය නොසිතුවා වෙන්න බැහැ. ඒකෙන් අනෙක් රාජ්‍ය පීඨ ශිෂ්‍යන් හා අදහස් මුසුවීම, ඒ පීඨවල පවතින පහසුකම් සැසදීම ඒ මගින් වැළකුණා. අදටත් අනිත් වෛද්‍ය පීඨවලට සාපේක්ෂව මොරටුව ඉන්නෙ හුදකලාව කියනෙකේ වැරැද්දක් නැහැ.
ඔය පහුගිය කාලය ඇතුළත අපි මොරටුව එක්ක බොහෝ සාකච්ඡා කළා. ඒ තැන්වලදි කොතලාවල වෙනුවට අපේ පීඨවලට ඔය පහසුකම් ලබා ගන්න එන්න කියල ආරාධනාත් කළා.

කොටින්ම අපේ තිබ්බ අත්දැකීම් අනුව 2022දි මොරටුවෙ මහා ශිෂ්‍ය සංගමය එක්ක පැවති සාකච්ඡාවකදි මොරටුව සඳහා වෛද්‍ය පීඨයක් ඉදිවෙනවා නම්, ඒක එහි ශික්ෂණ රෝහලවෙන කළුතර ආශ්‍රිතව ඉදි විය යුතු බව අපි කිව්වා. ඒත් මොරටුවෙ ශිෂ්යන්වත්, පරිපාලනයවත් ඒ බව ඇහුවද කියන ප්‍රශ්නෙ අපිට තියෙනවා.
කොහොමහරි මේ වෙද්දි මොරටුවෙ වෛද්‍ය පීඨයට පූර්ව සායනික අධ්‍යන කටයුතු වලට පහසුකම් සහිත අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදිවෙලා තියනවා. බොහෝවිට ඒක විවෘත වීමෙන් පස්සෙ මොරටුවෙ ඉදිරි පරම්පරාවටවත් කොතලාවල යන්න වෙන එකක් නෑ. ඒකට යම් කාලයක් ගත වෙයි. එතකන් වුණත් ගත්ත තීරණය වෙනස් කරන්න හිතෙනවා නම් මං හිතන්නෑ ජපුරෙවත්, කොළඹවත් ශිෂ්‍යයො මොරටුවෙන් ඉල්ලීමක් ආවොත් විරුද්ධ වෙයි කියලා.
පුනරුද ආණ්ඩුවෙන් මොරටුවට විසඳුමක් යෝජනා කළා. ඒ පීඨය කළුතරම හදන්න. අපි එදා කිව්වෙත් ඒකයි. කවදහරි මුළු මොරටුවම කළුතර හැදෙයි. එදාට ඔය අලුතෙන් හදපු කටුබැද්ද ගොඩනැගිල්ලත් දාල යන්න වෙයි. මොකද පීඨය දෙකට කඩල තැන් දෙකක පාලනය කරන්න අපහසුයි. එදා ඔය සැලසුම් කළුතරම හැදුණනම් කියල අපිට හිතෙනවා. ඒත් තවත් පරක්කු නැහැ....
ඉතිහාසය හොඳ පාඩම් කියාදෙනවා. එදා මොරටුව වෛද්‍ය පීඨය ගැන තීරණ ගත්ත බහුතරය අද ඒ පුටුවල නෑ. අලුත් වෛද්‍ය පීඨ, විශේෂයෙන් වෙල්ලස්ස තේරුම් ගන්නෝනෙ පාඩමක් මොරටුවෙ තියෙනවා. පීඨ හුදකලා වෙන තරමට පරිපාලනයට පාලනය කරන්න පහසුයි. අනිත් පීඨ එක්ක ඔබ නොගැටෙන තරමට ඔබේ අයිතීන් සඟවන්න ලේසියි. ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනයක් කියන්නෙ නිදහස් අධ්‍යාපන වරම් ලද මේ රටේ හැම වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙම අයිතියක්. ඔබේ අයිතිය ගැන ඔබ හඬ නගන්නැතුව කවුරු හඬ නැගුවත් ඒකෙ ලොකු ප්‍රතිඵලයක් නෑ.
වෛද්‍ය පීඨ වල ඇති සමහර ගැටලු වලට ආණ්ඩු, පරිපාලනය වගේම මුනිවත රකින ශිෂ්‍යයොත් වගකියන්න ඕනෙ.
සේයාරුව : අදාළ කොතලාවල සිසුවාගේ පැතිකඩෙන්, කොතලාවලට පැමිණෙන මොරටුව වෛද්‍ය ශිෂ්‍යයන්
By Rashmia Chamod
https://t.me/NoPMC

පශ්චාත් කොතලාවල සමය 2
කොතලාවල නිලධාරීවාදයට හරස් වූ වත්මන් ආණ්ඩුව
කොතලාවල වෛද්‍ය පීඨයේ මුදලට උපාධි විකිණීම නවතා දැමීමේ රජයේ තීරණය එක්ක රටේ විපක්ෂය සහ ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පේනවා. ඇත්තටම මෙතනදි මොකද්ද වුණේ කියනෙක අපි අවබෝධ කරගන්න ඕනෙ.
⚠️️ කොතලාවල වෛද්‍ය පීඨය කා සඳහාද?
2009 වෙනකන් ලංකාවෙ හමුදාවලට අවශ්‍ය වෛද්‍යවරු හැදුවෙ රජයේ වෛද්‍ය පීඨ හරහාමයි. එක්කො අපේ වෛද්‍යවරු ස්වේච්ඡාවෙන්ම හමුදා සේවයට බැඳුණා. නැත්තං හමුදා සේවයෙන් තෝරාගත් පිරිස් රාජ්‍ය වෛද්‍ය පීඨවලට එව්වා ඉගෙනගන්න. අපි තිස් අවුරුද්දක යුද්ධය ඉවර කළෙත් එහෙම මිලිටරි වෛද්‍යවරු හදලා.
හමුදාවටම කියල වෙනම වෛද්‍යවරු හදන්න ආයතනයක් විදිහට කොතලාවල වෛද්‍ය පීඨය ආරම්භ වෙන්නෙ ගෝඨාභයගෙ සංකල්පයක් විදිහට 2009දි. එදා ඉඳල අද වෙනකන් කොතලාවල වෛද්‍ය පීඨය හරහා කැඩෙට් නිලධාරීන් තෝරාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙනවා.
මේ කැඩෙට් නිලධාරීන් අවුරුදු 20ක (කලින් 12ක) ගිවිසුමකට යටත් වෙනවා. ඒ කියන්නෙ වෛද්‍ය උපාධිය ගත්තට පස්සෙ විසි අවුරුද්දක් සන්නද්ධ හමුදා වලට සේවය සපයන්න ඕනෙ.
මේ කැඩෙට් නිලධාරීන්ට සම්පූර්ණ නොමිලේ අධ්‍යාපනයක් වගේම පළමු වසරේ ඉඳල මාසික දීමනාවක් හම්බෙනවා. දැන් ඒක රු. 105,000 ක් කියල තමයි KDU දැන්වීම් වල සඳහන් වෙන්නෙ.
ඔය විදිහට KDU එකෙන් පිටවෙන MBBS උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සීමාවාසික පුහුණුව ලබලා, වෛද්‍ය සභාවේ ලියාපදිංචිය එක්ක සන්නද්ධ හමුදා වලට අයත් රෝහල් වල සේවයට එකතු වෙනවා. ගිවිසුම් කාලය අවසන් වුණාට පස්සෙ ඔවුන්ට අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් වල සේවයට උනත් එන්න පුළුවන්.
⚠️️වත්මන් මිලිටරි වෛද්‍ය අධ්‍යාපනයේ දෙබිඩි ප්‍රතිපත්තිය !
එක පැත්තකින් මිලිටරියට වෛද්‍යවරු හදන්න වෙනම KDU කියල ආයතනයක් තියෙද්දි, 2009ට කලින් ඉඳල රාජ්‍ය වෛද්‍ය පීඨ හරහා මිලිටරි වෛද්‍යරු හදන ක්‍රමයත් තවම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට වෛද්‍ය පීඨවලට UGC එක හරහා Z score එකෙන් එන ශිෂ්‍යන්ට අමතරව, වෛද්‍ය විද්‍යාව සඳහා අවම කඩයිම් Z score සහිත නැගෙනහිර, සබරගමුව වෛද්‍ය පීඨවලට ආරක්ෂක අමාත්‍යාංශය හරහාත් ශිෂ්‍යන් ඇතුළත් කෙරුණා. දැන් ඒක කරන්නෙ වෙල්ලස්ස වෛද්‍ය පීඨයට. පීඨයේ ශිෂ්‍ය ධාරිතාවයෙන් යම් ප්‍රතිශතයක් මේ Defense intake එකට වෙන් වෙනවා. මිලිටරියට වෛද්‍යවරු හදන්නම KDU ෆැකල්ටිය තියාගෙන, රාජ්‍ය වෛද්‍ය පීඨවලට Z අගයෙන් ඇතුළත් වෙන්න ඉන්න ශිෂ්‍යන්ගෙ අවස්ථා කප්පාදුවීම කරන්නෙ ඇයි කියනෙකට කවුරුවත් තාම හරියට උත්තරයක් දීල නැහැ.
⚠️ ️කොතලාවල වෛද්‍ය පීඨයෙන් නොමිලේ උපාධි ගන්න සිවිල් ශිෂ්‍යයෝ !
ආරම්භයේ ඉඳල කොතලාවල වෛද්‍ය පීඨය විවෘත වුණේ කැඩෙට් ශිෂ්‍යන්ට විතරක් වුණාට, අවස්ථා දෙකකදි කොතලාවල වෛද්‍ය පීඨයට රජය මැදිහත් වෙලා සිවිල් ශිෂ්‍යයෝ ඇතුළත් කළා. එකක් තමා සයිටම් අහෝසි කිරීමත් එක්ක ඒකෙ හිටිය ශිෂ්‍යයෝ විභාගයක් පවත්වලා මුදල් අයකිරීමකින් තොරව කොතලාවලට ඇතුළු කරා. ඒ ශිෂ්‍යයො කොතලාවලින් උපාධිය අරගෙන මේ වෙද්දි පිටවෙලා ඉවරයි.
දෙවනි අවස්ථාව තමා 2019 උසස්පෙළ විෂය නිර්දේශ මාරුව. නව සහ පැරණි විෂයනිර්දේශ දෙකකින් විභාග පවත්වන හැම වතාවෙම විශ්වවිද්‍යාල ඇතුළත් කරගැනීම්
වැඩි කරන්න වෙනවා. ඒ අනුව 2019 උසස්පෙළ සෙට් එකෙන් වෛද්‍ය පීඨ වලටත් බඳවා ගැනීම් වැඩිවුණා. කොච්චර ගත්තද කිව්වොත් සියලුම වෛද්‍ය පීඨ සංතෘප්ත වුණාට පස්සෙත් තව ළමයි ඉතිරි වුණා. මේකෙදි UGC එක තමන්ට අදාළ නැති අනීතික වැඩක් කරා. මේ ඉතිරි වුණු ළමයින්ගෙ තොරතුරු සියල්ල කොතලාවල ආයතනයට ලබා දුන්නා. මොකද විශ්වවිද්‍යාල පනත අනුව කොතලාවලට ශිෂ්‍ය ඇතුළත් කරගැනීම් කරන්න UGC එකට සම්බන්ධ වෙන්න බැහැ. මේ තොරතුරු අනුව කොතලාවල ආයතනය ඒ ඉතිරි ශිෂ්‍යන්ට email යවල ආරාධනා කළා කොතලාවලින් නොමිලේ මෙඩිසින් කරන්න. ඒ අනුව ඒ වෙද්දිත් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට ඇතුළත් වුණු ළමයි පවා කොතලාවලට ආවා. ඒ ආව ශිෂ්‍ය ප්‍රමාණය 2020 උසස්පෙළ කණ්ඩායමට සමාන්තරව අදටත් KDU එකේ ඉගෙනගන්නවා. මේ දෙකම අහඹු විශේෂ අවස්ථා මිසක් කොතලාවලට සිවිල් ශිෂ්‍යයො ගත්ත නිශ්චිත ක්‍රම නෙමෙයි.
⚠️️ KDU හරහා MBBS විකිණීම ඇරඹේ !
ඔය මේ පාර සාකච්ඡා වෙන කොතලාවල හරහා වෛද්‍ය උපාධිය සිවිල් ශිෂ්‍යන්ට මුදලට දෙන්න තීරණය කරන්නෙ ගිය අවුරුද්දෙ අප්‍රේල් 09 රනිල් විසින්. ඒ අනුව කණ්ඩායම් දෙකක් කොතලාවලට ගත්තා. නැතුව මේක කාලයක් තිස්සෙ සිද්ධ වුණු දෙයක් නෙමෙයි. කොතලාවල හරහා විකිණෙන MBBS එක මුලදි ලක්ෂ 125කටත්, දෙවනි සෙට් එකට ලක්ෂ 150කටත් තමා ලබාදෙන්නෙ.
මේ තීරණය ගත්තෙ ඇයි කියනෙක වෙනමම පැහැදිලි කරන්නෝනෙ.
කොහොම උනත් මේ උපාධි විකිණීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයො දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ විරෝධය රනිල්ගෙ කාලෙ වගේම වත්මන් ආණ්ඩුව පත් වුණාම එයාලටත් මතක් කළා. කොතලාවලින් වෙන මේ අවුල එයාලත් සාකච්ඡාවලදි පිළිගත්තා.

⚠️️ ආණ්ඩුව සහ කොතලාවල අතර සාකච්ඡා
වත්මන් රජයට කරපු සිහිපත් කිරීම්, විරෝධතා වලින් පස්සෙ ආණ්ඩුවෙ පාර්ශව කොතලාවල ආයතනය සමග මේ ගැටලුව සාකච්ඡා කළ බව අපිට ආරංචි වුණා. ඒත් කොතලාවල පරිපාලනය ඒකට එකඟ නොවූ බව අපිට හිතාගන්න පුළුවන්. මොකද වෛද්‍ය උපාධිය කියන ධන උල්පත වහන්න ඔය ආයතනය කැමති වෙන්නෑ. හැරත් ආභරණ විදිහට වෛද්‍ය උපාධි පළඳින්න ආසාවෙන් ඉන්න පැලැන්තියේ පාර්ශව, කොතලාවලින් ඇරුණු රන් දොර වැහෙන එකට කැමතිවෙන්නෙත් නෑ.
⚠️️ ආණ්ඩුව නොතැකූ කොතලාවල නිලධාරීවාදය
වත්මන් රජය කොතලාවලින් සිවිල් සිසුන්ට වෛද්‍ය උපාධිය විකිණීම නැවැත්වීම ගැන එහි පරිපාලනයට දැනුම් දී තිබූ බව අපිට් උපකල්පනය කරන්න පුළුවන් නමුත්, පහුගිය මැයි 21 වෙනිදා කොතලාවල ආයතනය සිවිල් සිසුන් සඳහා අයදුම්පත් කැඳවන නිවේදනයේ වෛද්‍ය උපාධිය ලක්ෂ 175කට වෙන්දේසියේ දමා තිබුණා. එමගින් පේන්නෙ ආණ්ඩුවේ තීරණය කොතලාවල නිලධාරීවාදය විසින් නොතකා තිබූ බව. මොකද ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එදිනම සමාජ මාධ්‍ය තුළ ඊට විරෝධය දක්වා තිබුණා. ඊට පස්සෙ පසුදා මැයි 22 පාර්ලිමේන්තු සැසියේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි නිවේදනය කරන්නෙ ඊයෙ පලවුණු කොතලාවල දැන්වීමේ නිවැරදි කිරීමක් තියෙනවා , සිවිල් සිසුන් ගන්නෑ කියල. ඊට පැය කිහිපයකින් පස්සෙ කොතලාවල වෙබ් අඩවියෙත් අදාළ බඳවා ගැනීම් සිදු නොකරන බවට නිවේදනයක් පළ වුණා. මේ ආණ්ඩුව කොහොමත් තවම බොහෝ තැන්වල නිලධාරීවාදය මෙල්ලකරන්න වලිකනවා. කොතලාවලදිත් එහෙම උන එක පුදුමයක් නෑ.
⚠️️ දැන් ආණ්ඩුව ගොළුයි !
එදා පාර්ලිමේන්තු සැසියෙන් පස්සෙ සජිත් ඇතුළු විපක්ෂයේ පාර්ශව අවස්ථා ගණනාවකදි මාධ්‍ය සාකච්ඡා අරං, ඒ වගේම නලීන් පාර්ලිමේන්තුවේදිත් මේ ප්‍රශ්නෙ පට්ට ගහනවා. ඔය බලවේග කුලප්පු කරන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, කොතලාවල නිලධාරීවාදයම තමයි. 😅
ඒව කොහොම උනත් පාර්ලිමේන්තු කතාවෙන් පස්සෙ ආණ්ඩුවේ කිසිම පාර්ශවයක් මේක ගැන වචනයක් කතා කරල නෑ. පුවත්පත්වල වුණත් පළවුනේ මේක ආණ්ඩු පක්ෂයේ වෛද්‍ය මන්ත්‍රීවරුන්ගෙ විරෝධයක් නිසා ආපු තීරණයක් බව.
අපිට තේරෙන්නෙ ආණ්ඩුව මේ තීරණය අරං තියෙන්නෙ එක හිතකින් නෙමෙයි. නැත්තං අදටත් උත්තර නොදෙන්න හේතුවක් නැහැ.
නැත්තං උත්තර දෙන්න බයයි, ඒ උත්තර වලින් කොතලාවලට එන්න හිටපු පැලැන්තියෙ හිත රිදෙයි කියලා.
එහෙමත් නැත්තං මේක, තීරණය ආපස්සට හරවන්න ඉඩක් තියාගෙන, ශිෂ්‍ය ව්‍යාපාරයට තාවකාලිකව දුන්න ලොසිංජරයක්.
ඒ කොහොම උනත් ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන්වත් ඇත්ත තත්ත්වෙ කතා කරන්න ඕනෙ. මොකද ඔය දැන් මතුවෙන කතාවල කොතලාවල සම්බන්ධයෙන් මවන චිත්‍රය ඒකෙ යථාව නෙමෙයි. 🙂
By Rashmika chamod