NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
NO PMC
Photo
කොටින්ම අපේ තිබ්බ අත්දැකීම් අනුව 2022දි මොරටුවෙ මහා ශිෂ්‍ය සංගමය එක්ක පැවති සාකච්ඡාවකදි මොරටුව සඳහා වෛද්‍ය පීඨයක් ඉදිවෙනවා නම්, ඒක එහි ශික්ෂණ රෝහලවෙන කළුතර ආශ්‍රිතව ඉදි විය යුතු බව අපි කිව්වා. ඒත් මොරටුවෙ ශිෂ්‍යන්වත්, පරිපාලනයවත් ඒ බව ඇහුවද කියන ප්‍රශ්නෙ අපිට තියෙනවා.

කොහොමහරි මේ වෙද්දි මොරටුවෙ වෛද්‍ය පීඨයට පූර්ව සායනික අධ්‍යන කටයුතු වලට පහසුකම් සහිත අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදිවෙලා තියනවා. බොහෝවිට ඒක විවෘත වීමෙන් පස්සෙ මොරටුවෙ ඉදිරි පරම්පරාවටවත් කොතලාවල යන්න වෙන එකක් නෑ. ඒකට යම් කාලයක් ගත වෙයි. එතකන් වුණත් ගත්ත තීරණය වෙනස් කරන්න හිතෙනවා නම් මං හිතන්නෑ ජපුරෙවත්, කොළඹවත් ශිෂ්‍යයො මොරටුවෙන් ඉල්ලීමක් ආවොත් විරුද්ධ වෙයි කියලා.

පුනරුද ආණ්ඩුවෙන් මොරටුවට විසඳුමක් යෝජනා කළා. ඒ පීඨය කළුතරම හදන්න. අපි එදා කිව්වෙත් ඒකයි. කවදහරි මුළු මොරටුවම කළුතර හැදෙයි. එදාට ඔය අලුතෙන් හදපු කටුබැද්ද ගොඩනැගිල්ලත් දාල යන්න වෙයි. මොකද පීඨය දෙකට කඩල තැන් දෙකක පාලනය කරන්න අපහසුයි. එදා ඔය සැලසුම් කළුතරම හැදුණනම් කියල අපිට හිතෙනවා. ඒත් තවත් පරක්කු නැහැ....

ඉතිහාසය හොඳ පාඩම් කියාදෙනවා. එදා මොරටුව වෛද්‍ය පීඨය ගැන තීරණ ගත්ත බහුතරය අද ඒ පුටුවල නෑ. අලුත් වෛද්‍ය පීඨ, විශේෂයෙන් වෙල්ලස්ස තේරුම් ගන්නෝනෙ පාඩමක් මොරටුවෙ තියෙනවා. පීඨ හුදකලා වෙන තරමට පරිපාලනයට පාලනය කරන්න පහසුයි. අනිත් පීඨ එක්ක ඔබ නොගැටෙන තරමට ඔබේ අයිතීන් සඟවන්න ලේසියි. ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනයක් කියන්නෙ නිදහස් අධ්‍යාපන වරම් ලද මේ රටේ හැම වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙම අයිතියක්. ඔබේ අයිතිය ගැන ඔබ හඬ නගන්නැතුව කවුරු හඬ නැගුවත් ඒකෙ ලොකු ප්‍රතිඵලයක් නෑ.
වෛද්‍ය පීඨ වල ඇති සමහර ගැටලු වලට ආණ්ඩු, පරිපාලනය වගේම මුනිවත රකින ශිෂ්‍යයොත් වගකියන්න ඕනෙ.

සේයාරුව : අදාළ කොතලාවල සිසුවාගේ පැතිකඩෙන්, කොතලාවලට පැමිණෙන මොරටුව වෛද්‍ය ශිෂ්‍යයන්

By Rashmia Chamod


https://t.me/NoPMC
NO PMC
Photo
පශ්චාත් කොතලාවල සමය 2
කොතලාවල නිලධාරීවාදයට හරස් වූ වත්මන් ආණ්ඩුව

කොතලාවල වෛද්‍ය පීඨයේ මුදලට උපාධි විකිණීම නවතා දැමීමේ රජයේ තීරණය එක්ක රටේ විපක්ෂය සහ ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පේනවා. ඇත්තටම මෙතනදි මොකද්ද වුණේ කියනෙක අපි අවබෝධ කරගන්න ඕනෙ.

⚠️️ කොතලාවල වෛද්‍ය පීඨය කා සඳහාද?
2009 වෙනකන් ලංකාවෙ හමුදාවලට අවශ්‍ය වෛද්‍යවරු හැදුවෙ රජයේ වෛද්‍ය පීඨ හරහාමයි. එක්කො අපේ වෛද්‍යවරු ස්වේච්ඡාවෙන්ම හමුදා සේවයට බැඳුණා. නැත්තං හමුදා සේවයෙන් තෝරාගත් පිරිස් රාජ්‍ය වෛද්‍ය පීඨවලට එව්වා ඉගෙනගන්න. අපි තිස් අවුරුද්දක යුද්ධය ඉවර කළෙත් එහෙම මිලිටරි වෛද්‍යවරු හදලා.
හමුදාවටම කියල වෙනම වෛද්‍යවරු හදන්න ආයතනයක් විදිහට කොතලාවල වෛද්‍ය පීඨය ආරම්භ වෙන්නෙ ගෝඨාභයගෙ සංකල්පයක් විදිහට 2009දි. එදා ඉඳල අද වෙනකන් කොතලාවල වෛද්‍ය පීඨය හරහා කැඩෙට් නිලධාරීන් තෝරාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙනවා.
මේ කැඩෙට් නිලධාරීන් අවුරුදු 20ක (කලින් 12ක) ගිවිසුමකට යටත් වෙනවා. ඒ කියන්නෙ වෛද්‍ය උපාධිය ගත්තට පස්සෙ විසි අවුරුද්දක් සන්නද්ධ හමුදා වලට සේවය සපයන්න ඕනෙ.
මේ කැඩෙට් නිලධාරීන්ට සම්පූර්ණ නොමිලේ අධ්‍යාපනයක් වගේම පළමු වසරේ ඉඳල මාසික දීමනාවක් හම්බෙනවා. දැන් ඒක ‍රු. 105,000 ක් කියල තමයි KDU දැන්වීම් වල සඳහන් වෙන්නෙ.
ඔය විදිහට KDU එකෙන් පිටවෙන MBBS උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සීමාවාසික පුහුණුව ලබලා, වෛද්‍ය සභාවේ ලියාපදිංචිය එක්ක සන්නද්ධ හමුදා වලට අයත් රෝහල් වල සේවයට එකතු වෙනවා. ගිවිසුම් කාලය අවසන් වුණාට පස්සෙ ඔවුන්ට අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් වල සේවයට උනත් එන්න පුළුවන්.

⚠️️වත්මන් මිලිටරි වෛද්‍ය අධ්‍යාපනයේ දෙබිඩි ප්‍රතිපත්තිය !
එක පැත්තකින් මිලිටරියට වෛද්‍යවරු හදන්න වෙනම KDU කියල ආයතනයක් තියෙද්දි, 2009ට කලින් ඉඳල රාජ්‍ය වෛද්‍ය පීඨ හරහා මිලිටරි වෛද්‍යරු හදන ක්‍රමයත් තවම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට වෛද්‍ය පීඨවලට UGC එක හරහා Z score එකෙන් එන ශිෂ්‍යන්ට අමතරව, වෛද්‍ය විද්‍යාව සඳහා අවම කඩයිම් Z score සහිත නැගෙනහිර, සබරගමුව වෛද්‍ය පීඨවලට ආරක්ෂක අමාත්‍යාංශය හරහාත් ශිෂ්‍යන් ඇතුළත් කෙරුණා. දැන් ඒක කරන්නෙ වෙල්ලස්ස වෛද්‍ය පීඨයට. පීඨයේ ශිෂ්‍ය ධාරිතාවයෙන් යම් ප්‍රතිශතයක් මේ Defense intake එකට වෙන් වෙනවා. මිලිටරියට වෛද්‍යවරු හදන්නම KDU ෆැකල්‍ටිය තියාගෙන, රාජ්‍ය වෛද්‍ය පීඨවලට Z අගයෙන් ඇතුළත් වෙන්න ඉන්න ශිෂ්‍යන්ගෙ අවස්ථා කප්පාදුවීම කරන්නෙ ඇයි කියනෙකට කවුරුවත් තාම හරියට උත්තරයක් දීල නැහැ.

⚠️ ️කොතලාවල වෛද්‍ය පීඨයෙන් නොමිලේ උපාධි ගන්න සිවිල් ශිෂ්‍යයෝ !
ආරම්භයේ ඉඳල කොතලාවල වෛද්‍ය පීඨය විවෘත වුණේ කැඩෙට් ශිෂ්‍යන්ට විතරක් වුණාට, අවස්ථා දෙකකදි කොතලාවල වෛද්‍ය පීඨයට රජය මැදිහත් වෙලා සිවිල් ශිෂ්‍යයෝ ඇතුළත් කළා. එකක් තමා සයිටම් අහෝසි කිරීමත් එක්ක ඒකෙ හිටිය ශිෂ්‍යයෝ විභාගයක් පවත්වලා මුදල් අයකිරීමකින් තොරව කොතලාවලට ඇතුළු කරා. ඒ ශිෂ්‍යයො කොතලාවලින් උපාධිය අරගෙන මේ වෙද්දි පිටවෙලා ඉවරයි.
දෙවනි අවස්ථාව තමා 2019 උසස්පෙළ විෂය නිර්දේශ මාරුව. නව සහ පැරණි විෂයනිර්දේශ දෙකකින් විභාග පවත්වන හැම වතාවෙම විශ්වවිද්‍යාල ඇතුළත් කරගැනීම්
වැඩි කරන්න වෙනවා. ඒ අනුව 2019 උසස්පෙළ සෙට් එකෙන් වෛද්‍ය පීඨ වලටත් බඳවා ගැනීම් වැඩිවුණා. කොච්චර ගත්තද කිව්වොත් සියලුම වෛද්‍ය පීඨ සංතෘප්ත වුණාට පස්සෙත් තව ළමයි ඉතිරි වුණා. මේකෙදි UGC එක තමන්ට අදාළ නැති අනීතික වැඩක් කරා. මේ ඉතිරි වුණු ළමයින්ගෙ තොරතුරු සියල්ල කොතලාවල ආයතනයට ලබා දුන්නා. මොකද විශ්වවිද්‍යාල පනත අනුව කොතලාවලට ශිෂ්‍ය ඇතුළත් කරගැනීම් කරන්න UGC එකට සම්බන්ධ වෙන්න බැහැ. මේ තොරතුරු අනුව කොතලාවල ආයතනය ඒ ඉතිරි ශිෂ්‍යන්ට email යවල ආරාධනා කළා කොතලාවලින් නොමිලේ මෙඩිසින් කරන්න. ඒ අනුව ඒ වෙද්දිත් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට ඇතුළත් වුණු ළමයි පවා කොතලාවලට ආවා. ඒ ආව ශිෂ්‍ය ප්‍රමාණය 2020 උසස්පෙළ කණ්ඩායමට සමාන්තරව අදටත් KDU එකේ ඉගෙනගන්නවා. මේ දෙකම අහඹු විශේෂ අවස්ථා මිසක් කොතලාවලට සිවිල් ශිෂ්‍යයො ගත්ත නිශ්චිත ක්‍රම නෙමෙයි.

⚠️️ KDU හරහා MBBS විකිණීම ඇරඹේ !
ඔය මේ පාර සාකච්ඡා වෙන කොතලාවල හරහා වෛද්‍ය උපාධිය සිවිල් ශිෂ්‍යන්ට මුදලට දෙන්න තීරණය කරන්නෙ ගිය අවුරුද්දෙ අප්‍රේල් 09 රනිල් විසින්. ඒ අනුව කණ්ඩායම් දෙකක් කොතලාවලට ගත්තා. නැතුව මේක කාලයක් තිස්සෙ සිද්ධ වුණු දෙයක් නෙමෙයි. කොතලාවල හරහා විකිණෙන MBBS එක මුලදි ලක්ෂ 125කටත්, දෙවනි සෙට් එකට ලක්ෂ 150කටත් තමා ලබාදෙන්නෙ.
මේ තීරණය ගත්තෙ ඇයි කියනෙක වෙනමම පැහැදිලි කරන්නෝනෙ.
කොහොම උනත් මේ උපාධි විකිණීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයො දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ විරෝධය රනිල්ගෙ කාලෙ වගේම වත්මන් ආණ්ඩුව පත් වුණාම එයාලටත් මතක් කළා. කොතලාවලින් වෙන මේ අවුල එයාලත් සාකච්ඡාවලදි පිළිගත්තා.
NO PMC
Photo
⚠️️ ආණ්ඩුව සහ කොතලාවල අතර සාකච්ඡා
වත්මන් රජයට කරපු සිහිපත් කිරීම්, විරෝධතා වලින් පස්සෙ ආණ්ඩුවෙ පාර්ශව කොතලාවල ආයතනය සමග මේ ගැටලුව සාකච්ඡා කළ බව අපිට ආරංචි වුණා. ඒත් කොතලාවල පරිපාලනය ඒකට එකඟ නොවූ බව අපිට හිතාගන්න පුළුවන්. මොකද වෛද්‍ය උපාධිය කියන ධන උල්පත වහන්න ඔය ආයතනය කැමති වෙන්නෑ. හැරත් ආභරණ විදිහට වෛද්‍ය උපාධි පළඳින්න ආසාවෙන් ඉන්න පැලැන්තියේ පාර්ශව, කොතලාවලින් ඇරුණු රන් දොර වැහෙන එකට කැමතිවෙන්නෙත් නෑ.

⚠️️ ආණ්ඩුව නොතැකූ කොතලාවල නිලධාරීවාදය
වත්මන් රජය කොතලාවලින් සිවිල් සිසුන්ට වෛද්‍ය උපාධිය විකිණීම නැවැත්වීම ගැන එහි පරිපාලනයට දැනුම් දී තිබූ බව අපිට් උපකල්පනය කරන්න පුළුවන් නමුත්, පහුගිය මැයි 21 වෙනිදා කොතලාවල ආයතනය සිවිල් සිසුන් සඳහා අයදුම්පත් කැඳවන නිවේදනයේ වෛද්‍ය උපාධිය ලක්ෂ 175කට වෙන්දේසියේ දමා තිබුණා. එමගින් පේන්නෙ ආණ්ඩුවේ තීරණය කොතලාවල නිලධාරීවාදය විසින් නොතකා තිබූ බව. මොකද ආණ්ඩුවේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එදිනම සමාජ මාධ්‍ය තුළ ඊට විරෝධය දක්වා තිබුණා. ඊට පස්සෙ පසුදා මැයි 22 පාර්ලිමේන්තු සැසියේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි නිවේදනය කරන්නෙ ඊයෙ පලවුණු කොතලාවල දැන්වීමේ නිවැරදි කිරීමක් තියෙනවා , සිවිල් සිසුන් ගන්නෑ කියල. ඊට පැය කිහිපයකින් පස්සෙ කොතලාවල වෙබ් අඩවියෙත් අදාළ බඳවා ගැනීම් සිදු නොකරන බවට නිවේදනයක් පළ වුණා. මේ ආණ්ඩුව කොහොමත් තවම බොහෝ තැන්වල නිලධාරීවාදය මෙල්ලකරන්න වලිකනවා. කොතලාවලදිත් එහෙම උන එක පුදුමයක් නෑ.

⚠️️ දැන් ආණ්ඩුව ගොළුයි !
එදා පාර්ලිමේන්තු සැසියෙන් පස්සෙ සජිත් ඇතුළු විපක්ෂයේ පාර්ශව අවස්ථා ගණනාවකදි මාධ්‍ය සාකච්ඡා අරං, ඒ වගේම නලීන් පාර්ලිමේන්තුවේදිත් මේ ප්‍රශ්නෙ පට්ට ගහනවා. ඔය බලවේග කුලප්පු කරන්නෙ වෙන කවුරුවත් නෙමෙයි, කොතලාවල නිලධාරීවාදයම තමයි. 😅
ඒව කොහොම උනත් පාර්ලිමේන්තු කතාවෙන් පස්සෙ ආණ්ඩුවේ කිසිම පාර්ශවයක් මේක ගැන වචනයක් කතා කරල නෑ. පුවත්පත්වල වුණත් පළවුනේ මේක ආණ්ඩු පක්ෂයේ වෛද්‍ය මන්ත්‍රීවරුන්ගෙ විරෝධයක් නිසා ආපු තීරණයක් බව.
අපිට තේරෙන්නෙ ආණ්ඩුව මේ තීරණය අරං තියෙන්නෙ එක හිතකින් නෙමෙයි. නැත්තං අදටත් උත්තර නොදෙන්න හේතුවක් නැහැ.
නැත්තං උත්තර දෙන්න බයයි, ඒ උත්තර වලින් කොතලාවලට එන්න හිටපු පැලැන්තියෙ හිත රිදෙයි කියලා.
එහෙමත් නැත්තං මේක, තීරණය ආපස්සට හරවන්න ඉඩක් තියාගෙන, ශිෂ්‍ය ව්‍යාපාරයට තාවකාලිකව දුන්න ලොසිංජරයක්.

ඒ කොහොම උනත් ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තෙන්වත් ඇත්ත තත්ත්වෙ කතා කරන්න ඕනෙ. මොකද ඔය දැන් මතුවෙන කතාවල කොතලාවල සම්බන්ධයෙන් මවන චිත්‍රය ඒකෙ යථාව නෙමෙයි. 🙂


By Rashmika chamod