NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
😱4
😱6
NO PMC
@NoPMC
‼️සමහරක්ගේ ගැටළුව :- ' දියුනු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බහුලව පැවතියමුත් , ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීමට යනවිට විරුද්ධ වන අයවලුන් ඇත්තටම කුහකයින්ද? '
---------------------------------------------------------------------

මෙම ප්‍රශ්නය ගැන වඩාත් පුළුල්ව කියවාගැනීමට නම් පලමුවෙන්ම අපි මෙ 'පෞද්ගලික වෛද්‍ය විද්‍යාල' කියන්නෙ මොකක්ද, ලෝකයේ දැනට ස්ථාපිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැවතීමේ අරමුණු මොනවද කියන එක ගැන මනාව තේරුම් ගත යුතුයි.

රටක වෛද්‍ය අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ඒ ඒ රටවල් වල සෞඛ්‍ය ක්ශේස්ත්‍රයට අවශ්‍ය වෘතිකයන් ප්‍රමානය නිර්මාණය කරගැනීම සඳහායි. මෙහිදි යම් රටක රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඒ රටෙ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය පවත්වාගැනීම අවශ්‍ය වෛද්‍ය වෘතිකයන් ප්‍රමාණය නිර්මාණය කරන්න ඕනෙ. එසේ කිරීමට අසමත්නම්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මඟින් රටෙ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය පවත්වාගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය වෘතිකයන්ගෙ මදිපාඩුවට නිර්මාණය කරගැනීම සිදුවෙලා තියෙනවා.

දැන් උඩදි මම සඳහන් කෙරුව "පෞද්ගලික වෛද්‍ය විද්‍යාල" , අපෙ රටෙ මේ දාන්න හදන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වගේමද කියන කාරණාව ගැන අපි කියවා බැලිය යුතුයි.

වටහාගත යුතු පලමු කාරණාව නම්, ලංකාවෙ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය පවත්ගැනීමම තීරණාත්මක වන මට්ටමේ වෛද්‍ය වෘතිකයන්ගේ රික්තයක් නොපැවතීමයි. එ අනුව ලංකාව වැනි රටක් තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමෙ අරමුණම හාත්පසින්ම ඔය කියන දියුනු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැවතීමේ අරමුණට වඩා වෙනස්. ලාභ ලැබීම හැරුනුකොටගෙන වෛද්‍ය විද්‍යාලයක් ලංකාව තුල ස්ථාපනය කිරීමට වෙන නිශ්චිත අරමුණක් නෑ. එම රටවල් වල 'පෞද්ගලික' කියලා කියන්නෙ ලංකාවේදි 'පෞද්ගලික' කියන අර්ථයෙන් නෙවෙයි. ලංකාවෙදි පෞද්ගලික අර්ථය ගන්න පුලුවන් වෙන්නෙ ඒ රටවල් වල 'ලාභ අපේක්ෂිත' (For Profit) කියන එකයි. Harvard , Princeton වැනි ලොව ප්‍රමුඛ මට්ටමේ වෛද්‍ය විද්‍යාල පෞද්ගලික කියලා කිව්වට ඒවා 'සමාජීය ආයතන' , එහෙම නැතුව ලාභ අපේක්ශිත ආයතන නෙවේ. එහෙම වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙ ලිබරල්වාදය වර්ධනය වීමේ ස්වාභාවය අනුවයි. ඊට අනුව එ රාජ්‍යට පිටස්තරව තියෙන සියලු ආයතන පෞද්ගලිකයි. නමුත් අප මතක තියාගන්න අවශ්‍ය දේ තමයි, Harvard , Princeton වැනි මෙ ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විද්‍යාල වලට අයිතිකරුවන් නෑ කියන කාරණාව. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ වෙනමම භාරයක් (Trust) හරහා. ඒව වල ලාබයන් කාටවත් ගෙදර ගෙනියන්න බෑ. ඒවා දිවෙන්නෙ අවශ්‍යතාවය නිශ්චිත අරමුණ කරගෙන. ඒවා ලාභ අපේක්ශා නොකරන සමාජයීය ආයතන. ලංකාවේදි කියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල වගේ 'ලාභ ලැබිම' මොඩලයක් කරගත් වෛද්‍ය විද්‍යාල මුලු ලෝකෙටම ගත්තම ඇත්තේ ඉතාමත්ම අතලොස්සක්. ඇමෙරිකාවෙ හැර අන් කිසිඳු රටක එවැනි ඒවා දක්නට නැති තරම්‍. ඇමෙරිකාවේ ද ඇත්තෙ ඉතාමත්ම ස්වල්පයක්. අනික් කාරණාව නම් කොතලාවල වැනි මිලිටරි ආයතන සිවිල් ජීවිතයේ කටයුතු වලට මැදිහත් වෙන්නෙ පකිස්තානය , බුරුමය වැනි හමුදාමය රටවල් වල විතරයි. අනික් රටවල් වල මෙ වගේ දූෂිත වැඩවලට එ රටේ මිලිටරිය යොදාගන්න බෑ

මෙම කරුනුගැන නිසි අවබෝධයක් නැතිවූ විට, අපෙ රටෙ බොහෝ දෙනා සිතන්නෙ බටහිර රටවල්වල ඒ වෛද්‍ය පීඨ ඉතා බහුලව තිබෙන අතර ලංකාවේ ඒවා දමන්නට කුහක වෛද්‍යවරුන් සහා අන්තවාදී ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ දෙන්නේ නෑ කියාය. නමුත් අප තේරුම් ගත යුතු සත්‍යම කරුණ නම් බටහිර රටවල් වල ඒවා නොමැති බවයි!


ලියන්නේ අජන්ත - Ajantha වෙනුවෙන් ST.


@NoPMC
😱9
මෙන්න මේක කරොත් ඔය හැම ප්‍රශ්නෙටම විසඳුම් ලැබෙනවා.

එදාට හැමෝම සතුටින් 😏



(එක කට්ටියක් හැර :- PMC ගිහින් ස්ටෙත් එක කරේ දාගෙන mirror selfie ගහන්න බලන් ඉන්න සල්ලිකාරයොන්ගේ මෝඩ පුත්තු )



@NoPMC
💯17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NO PMC
Photo
ඉස්සරහට මෙහෙම් වෙන්නත් බැරි නෑ හැබැයි. 💔😂



දැනට MBBS degree එකට කෝටි 1.25 ක් කීවට ඉස්සරහට ඕක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා😂 SLIIT එකේ උනත් මුල්ම කාලේ ලක්ශ 5,6 කට තිබ්බ IT degree එක තමා දැන් ලක්ශ 30 කට ආසන්න වෙලා තියෙන්නෙ.
එතකොට ඉස්සරහට කෝටි 2 පන්නයි PMC වලින් දෙන MBBS Degree එක.
අනික හතු පිපෙන්නා වගේ PMC පටන් ගත්තම දැනට ලංකාවේ තියෙන රාජ්‍ය වෛද්‍යපීඨ 12 ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු ටික ලොකු salary එකක් දෙද්දි පෝලිමේ ඒවට යන්න ගත්තම රජයේ වෛද්‍යපීඨවල ගුණාත්මකභාවය නිකන්ම නැති වෙනවා.

මොකද ලංකාවේ pmc වල උගන්නන්න ඉන්දියාවෙන් මහාචාර්යවරු එන්නෙ නෑනේ.ලංකාවේ medical faculty වල ඉන්න ටික දෙනාවම තමා ලොකු ලොකු salary පෙන්නලා බිලීබාගන්නෙ.ඒක SAITM එකෙත් උනානේ.රජයේ ඒවගේ පඩිය ලක්ශ 2 යි නම් SAITM එකෙන් ලක්ශ 5 ක් දුන්නා.එතකොට කවුද නොයා ඉන්නේ..😒


අනික මේ විදිහට ආචාර්යවරු සීමිතයි සම්පත් සීමිතයි කියල එදාට අනිවාර්යයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලය වල intake එක අඩු වෙනවා මයි.ඒක 1000% sure 💔
එතකොට වෙන්නෙ දැනට AAB දාලා medical faculty යන ලමයටත් යන්න බැරි වෙනවා ඒ ලමයට කෝටි 2 ක් නැතිනම්.
එතකොට ඔය ගොඩක් අය කියන කොළඹ A3 ක් දාලත් medicine යන්න බැරි වෙන ලමයි ඉන්නවා එයාල වෙනුවෙන් තමා මේක ගේන්නේ කියන එකට මොකද වෙන්නෙ.pmc ආවම ඒ ප්‍රශ්නෙ දෙගුණ තෙගුණ වෙනවා මිසක් අඩුවක්නම් වෙන්නෑ..💔


අනික pmc වලට support කරන අය කියන්නෙ නිදහස් අධ්‍යාපනය නෙමේ අධ්‍යාපනය ඇති නිදහසයි ඕනේ කියලනේ.තමන් කැමති දෙයක් කරන්න දෙන්න ඕනේ කියලනේ..එතකොට අර විදිහට සම්පත් සීමිත වෙලා intake අඩු උනාම AAB ගත්ත ලමයටත් medicine යන්න බැරි වෙලා ඒ ලමයට කෝටි 2 ක් නැතිනම්, සල්ලි නැති නිසා එයාට ආස දේ කරන්න බැරි වෙද්දි ඒවට ඔය පන්ඩිත උන් මොකක්ද දෙන උත්තරේ.


Pmc ඕනේ කියන උන් කියන්නේම තනිකර පුහු තර්ක.

@NoPMC
💯15
😂

IT degree කරපු සහ කරන නංගිලා මල්ලිලා ලාට priority eka දෙන්න පුළුවන් නම් හොඳයි 😌
All rounders ල එයාල😌
Medicine ගැන දන්නවා...😌
Standards ගැන දන්නවා...😌
Medical Exams ගැන පුලුල් දැනුමක් තියෙනවා...😌
Medicine පොත් ටික එක පාරක්
කියවල,AI technology එකෙන් symptoms interpret කරල බෙහෙත් දෙන්නත් දන්නවා...😌
මගේ list එකෙත් සෑහෙන්න දක්ෂ මල්ලිල හිටියා..😁
සෑබෑම දක්ෂයො එයාල...❤️😌
කුහක දොස්තරල proffessors ල වගේ නෙමේ😌



@NoPMC
💯3❤1