NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
දේශපාලනික‍ අඩිතාලමක් සහිතව මැර බලය භාවිතා කොට ගනිමින් KDU පිහිටුවීමෙන් පසුව, 2022 වර්ෂයේ KDU සදහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 2000 වෙන් කර තිබු අතර 2024 වර්ෂයේ දී එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 3500 දක්වා වැඩි කර ඇත..

සමස්ථ අධ්‍යාපනය සදහා වෙන් කෙරූ මුදල පසුගිය වකවානුව ට වඩා අඩු කරමින් පවතින වෙලාවක රාජ්‍ය විශ්වවිද්‍යාල සදහා වෙන් කරන මුදල තවත් අඩු කිරීමෙන් ලංකාව තුළ පවතින සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටම පැහැදිලිව පෙනෙන බලපෑමක් එල්ල වනු නොවේද ?

එලෙසම රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක් සදහා වෙන් කරන ලද මුදලට වඩා වැඩි මුදලක් තනි KDU සදහා යොදවා තිබෙන්නේ කුමන අරමුණකින්ද?
ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?
💯3
NO PMC
ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?
ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?

19 වන සියවසේ මුල් භාගයේදී (1835) කල්කටා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම මගින් දකුණු ආසියාවේ ප්‍රථම වරට ක්‍රමවත් වෛද්‍ය අධ්‍යාපනයක් ස්ථාපිත කල රට බවට ඉන්දියාව පත් විය.

ඉන්පසු පිලිවෙලින් මදුරාසි,කේරල ආදී වෛද්‍ය පීඨ සහ රජය මගින් පිහිටවූ වෙනත් උසස් ප්‍රමිතියේ වෛද්‍ය විද්‍යාල ආරම්භ විය.ඒවා මගින් බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුකූලව සංවිධානාත්මක අධ්‍යාපනයක් හා උසස් සායනික පුහුණුවක් ලබා දෙන ලදී. එතැන් සිට ක්‍රමිකව වර්ධනය වූ එරට වෛද්‍ය අධ්‍යාපනය ලොව ප්‍රමුඛ පෙලේ දක්ෂ වෛද්‍යවරුන් බිහි කිරීමට සමත් විය.අදටත් ලොව පුරා විසිරී සිටින දක්ෂ ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් ඒ හරහා බිහි විය.
නමුත් පසුගිය දශක කීපයේදී ඉන්දීය ජනගහනයයේ සිදුවූ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් එරට ඇතිවූ වෛද්‍යවරුන් හිගයට පිලියම් ලෙස පෞද්ගලික අංශය මැදිහත් කරගන්නා ලදී.

ඉන්දිය වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට කණකොකා හැඩීමට පටන් ගත්තේ එතැන් පටන් ය.ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාල අතලොස්සක් මේ හරහා බිහි වුවත් රජයේ සහ කූට දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය.1980 දී 10කට අඩු ගණනකින් ඇරඹුන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛාව අද වන විට280 ගණනක් දක්වා වැඩි වී ඇත.

මේවා බොහෝමයක් ලාභ ලැබීමේ පටු අරමුණ පෙරදැරි කරගන ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ සහ සායනික පුහුණුවේ ප්‍රමිතිය විශාල වශයෙන් පහත දැමීම දක්නට ලැබුනි.
බොහෝ විට මේවායෙ ඉගැන්වීම් සදහා දේශීය හා විදේශීය සුදුසුකම් රහිත ආචාර්යවරුන් සම්බන්ධ කරගැනීම දක්නට ඇත.ඇතැම් විට මෙම වෛද්‍ය විද්‍යාල වල සායනික පුහුණුව ලබා දීම සඳහා මුඩුක්කු වල නිරෝගී ජනතාව ලෙඩුන් මෙන් සකසා ඉදිරිපත් කිරීම,ළමා රෝග සායනික පුහුණුව සඳහා මුඩුක්කු වල නිරෝගී ලමුන් වංචනික ලෙස යොදාගැනීම සිදුකරන බවද රොයිටර් පුවත් වාර්තාවක දැක්වෙයි.

මෙම වෛද්‍ය විද්‍යාල බොහෝ විට වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ කිසිදු දැනුමකින් තොර රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් විසින් ආරම්භ කරන ලද අතර මෙම වෛද්‍ය අධ්‍යාපන මාෆියාව මෑත කාලයේදී ඔවුන් විසින් දේශපාලකයන් හා ඉන්දිය වෛද්‍ය සභාවට අල්ලස් දී ඔවුන්ව නම්මා ගැනීමට තරම් බලවත් විය.
ඉන්දීය වෛද්‍ය සභාවේ (MCI) පෙර සිටි සභාපති වරයා අල්ලස් චෝදනා වලට ලක් වන්නේ මේ වැනි පසුබිමක ය.

එසේම ධනවත් පුද්ගලයන් විසින් අල්ලස් ලබා දී මූලික සුදුසුකම් වලින් තොර ශිෂ්‍යයන් ඇතුල් කරගන්නා වටපිටාවක් ද නිර්මාණය වී ඇත.සාමාන්‍ය ක්‍රමයට පිටතින් යමින් උසස් ප්‍රතිපල සහිත සිසුන්ගෙන්ද අධික ගාස්තු අය කිරීම නිසා ඔවූන්ට වෛද්‍ය අධ්‍යාපනය අත් හැර දැමීමට සිදුවන අවස්තා ද බහුල ය.

බටහිර රටවල් වල ඉන්දීය වෛද්‍යවරුන් ට තිබූ පිලිගැනීම මෑතක සිට සීඝ්‍රයෙන් අඩුවෙමින් ඇත. එංගලන්තයේ 2008-2014 කාලය තුලදී ඉන්දීය වෛද්‍යවරුන් වැඩ තහනමට ලක් වීම 4 ගුණයකින් ඉහල ගොස් ඇත.
එසේම ඉන්දීය වෛද්‍යවරුන් විසින් සිදු කරන අපරාධ සහ වෙනත් රටවලදී ඉන්දීය වෛද්‍යවරුන් බන්ධනාගාර ගත වීමද ඉහල ගොස් ඇත.

එමෙන් ම ඉන්දියාවේ වෛද්‍ය පීඨ බොහෝමයක් සදහා දියුණු රටවල වෛද්‍ය සභා වලින් Black list වලට ඇතුලත් කර ඇත. (ලංකාවේ SAITM ආයතනය ද මෙසේ රටවල් කීපයක ම Black List ගත වීමේ වාසනාව උදා කරගත්තේය.)

එසේම ඉන්දියාවේ ළමා හා මාතෘ මරණ අනුපාතය ආදී සෞඛ්‍ය දර්ශක ද අද වන විට ඉතා පහත් මට්ටමක පවතී.ඉන්දීය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව ඉන්දීය වෛද්‍ය වරුන්ගේ ප්‍රමිතිය මේ ආකාරයෙන් පහල බැසීමට ලක් ව ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ආරම්භයත් සමගයි.

අතීතයේ කලාපයේ ඉහල ප්‍රමිතියකින් යුත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දුන් ප්‍රමුඛ රට වන ඉන්දියාවේ වත්මන් තත්වය කෙතරම් ශෝචනීය ද?

මෙම වරද නිවරදි කරගැනීමට ඔවුන්ට කෙතරම් කල් ගත වේද?

අද වන විට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ට විරුද්ධ මතයක් දැරීම ඇතැම් විට සමහරුන්ගේ නිර්දය විවේචනයට ලක් වේ එසේ කතා කිරීම කුහක කැම්පස් කාරයෙක් යන ලේබලයෙන් පිදුම් ලැබීමට හේතු වේ.

නමුත් ඉන්දියාව හා සංසන්දනය කරන විට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගුණාත්මක බව පසුගිය මාස කීපය ඇතුලත හොදින් තහවුරු විය. එසේම විදෙස් රටවල ලංකාවේ වෛද්‍යවරුන් ට ඇති පිලිගැනීමද කෙතරම් ද යන්න බොහෝ දෙනෙකු නොදනී.

📌️එසේම තවත් වසර 2,3 කින් රටේ වෛද්‍යවරුන් ප්‍රමාණය අවශ්‍ය තරම ද ඉක්මවා යන බව දත්ත විශ්ලේෂණ මගින් පෙන්වා ඇත.

(‼️ඉහත කරුණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කල ගණනයන් සහ හැන්සාඩ් වාර්තාවේ කරුණු 👇

https://t.me/NoPMC/8 )


ඒ නිසා ඉන්දියාවේ මෙන් පෞද්ගලික අංශය මීට සම්බන්ධ කරගැනීමේ විශාල අවශ්‍යතාවක් ද නැත
ලංකාවේද පසුගිය දශක කීපයේ සිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම හා ඒවායෙ ප්‍රමිතිය ප්‍රශ්න කිරීමට ලක් විය. මේ කිසිවක් මායිම් නොකර නැවතත් රටේ අධ්‍යාපනය විනාශ කිරීමට යමෙක් උත්සහ කරයිද එය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මලගම සිදුවන දිනයකැ යි සිහි තබා ගැනීම වටිනේ ය.

මූලාශ්‍ර
❤6💯5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Pmc පිළිබඳ කොළඹ වෛද්‍යපීඨ ආචාර්‍ය සංගමයේ නිල නිවේදනය


එහි අසංශිප්ත පරිවර්තනයක් පහත පරිදි වේ.

https://t.me/NoPMC/86
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය වන අපි, ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය අවිධිමත් හා සීමා රහිත ලෙස ව්‍යාප්ත කිරීමෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමු. මෙය දේශපාලන සහ ලාභ ලබාගැනීමේ අරමුණු මත මෙහෙයවනු ලබන අතර, රටෙහි සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමෙහි ප්‍රතිපලයයි.

ලාභ ලැබීමේ අරමුණු මත, වාර්ෂිකව සිසුන් 500ක් බඳවා ගන්නා වෛද්‍ය විද්‍යාලයක් අනුමත කරමින් සහ ශික්ෂණ රෝහල ලෙස හෝමාගම මූලික රෝහල අනුයුක්ත කරමින් පලවූ කැබිනට් පත්‍රිකාව මෙහි මෑතම ප්‍රතිපලයයි. මෙය, වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවලට පවා පටහැනි තීරණයක් ලෙසත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසත් අපි දකිමු. මෙම පියවර රාජ්‍ය වෛද්‍ය පීඨ තවදුරටත් අවදානමට ලක් කරයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව සිසුන් 100ක කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා ඇඳන් 700කින් යුත් රෝහල් සංකීර්ණයක් අවශ්‍ය වේ. දැනට හෝමාගම මූලික රෝහලට ඇති ඇඳන් සංඛ්‍යාව 475ක් පමණ වන අතර, එම රෝහල දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විසින් සායනික පුහුණුවීම් සඳහා භාවිතා කරනු ලැබේ.

වසරකට සිසුන් 500ක් බඳවා ගන්නා තවත් වෛද්‍ය විද්‍යාලයක පුහුණු අවශ්‍යතා සපුරාලීමට හෝමාගම මූලික රෝහලට නොහැක. මෙම පියවර ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණු අයිතිවාසිකම් උල්ලංඝණය කරයි. ගුණාත්මක බවින් අඩු පුහුණුව, රෝගීන්ගේ ආරක්ෂාව අවදානමට ලක්කරන අතර සෞඛ්‍ය අංශයේ ගුණාත්මක
භාවයද අනතුරේ හෙළයි.

රාජ්‍ය වෛද්‍ය පීඨ වල දැනට පවතින අර්බුද නොවිසඳා, වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකා හැර, විද්‍යාල ව්‍යාප්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වර්තමාන වෛද්‍ය සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට කරන බලවත් අසාධාරණයකි. මෙම අවිධිමත් හා වගකීමකින් තොර ව්‍යාප්තිය, දැනට පවතින, ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට තුඩු දෙනු ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය වන අපි, පහත සඳහන් කරුණු නැවත අවධාරණය කර සිටිමු.

ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනයේ (WFME) විධානය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් නියම කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කිසිදු තත්වයක් යටතේ පහත හෙලීම නොකළ යුතුය.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය නොකළ යුතුය.

අලුතින් පිහිටුවන ලද රාජ්‍ය වෛද්‍ය පීඨවල යටිතල පහසුකම් හා මානව සම්පත්වල බරපතළ අඩුපාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවැරදි කළ යුතුය.

ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය සඳහා නව වෛද්‍යවරුන් සහ විශේෂඥයින්ගේ අ පේක්ෂිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. වර්තමාන අර්බුදකාරී තත්වය, මනාව සැලසුම් කළ ප්‍රතිපත්තියක් නොමැතිකමේ සෘජු ප්‍රතිඵලයකි.

දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල බරපතල ගැටළු නිරාකරණය කරන තුරු, රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් නව වෛද්‍ය පීඨ ස්ථාපිත නොකළ යුතුය.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළ බරපතළ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, රාජ්‍ය වෛද්‍ය පීඨවල පැවැත්ම අනතුරේ හෙළන අහිතකර ක්‍රියාමාර්ගවලින් වළකින ලෙසත්කො ළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.




@NoPMC
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Pmc ගැටලුව හොඳටම පැහැදිලි කලා කොලඹ වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය විද්‍යාත්මක දත්ත විග්‍රහයක් එක්ක.
(අදාල ලිපිය ඉහතින් )

එයාල පැහැදිලිවම කියනවා මොරටු සබරෙ වගේ වෛද්‍ය පීඨ ස්ථාවර වෙනකල් pmc නෙවෙයි රජයේ වෛද්‍ය පීඨයක්වත් යළි ආරම්භ නොකල යුතුයි කියලා.

Pmc එපා කියන උන්ට කුහකයො කියන බහුතරයක් රාජ්‍ය විශ්වවිද්‍යාල විශේෂයෙන්ම සබරෙ මොරටු වගේ වෛද්‍ය පීඨ වට්ටනවා අනිවාර්‍යෙන්ම අපි pmc ගේනව වගේ පට්ට අන්තවාදී අදහස් වෛද්‍ය සභාවෙම ප්‍රොෆෙසර් පුංචිහේවා වගෙ පිස්සො කියනකොට මුනිවත රකින එකත් එක්තරා විදියක කුහකකමේ ප්‍රභේදයක්ම තමා ඔය කුලකයට ඊලඟට එකතු වෙන්නෙ අලුත් ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය...pmc එනකොට රාජ්‍ය පීඨ ටිකට මොකද වෙන්නෙ කියලා ප්‍රායෝගිකව අද්‍යනය කරන්න ආස අයට හොඳ නිදසුන් ටිකක් ඔය පීඨ....ලොකු ලොජික් ඕනි නෑ nmra පනත කියන්නෙ හොඳම පනතක්..නියාමනනය වෙන්නෑනෙ ඖෂධ යාන්ත්‍රණය රටේ....එහෙම ප්‍රතිපත්ති නවන උන් එක්ක නියාමනය කියන්නෙ දැකිය යුතු සිහිනයක් නෙවෙයි ඉතිං.

ඇත්තටම pmc වලින් සෞඛ්‍ය පද්ධති ශක්තිමත් උන දකුනු ආසියානු රටවල් තියෙනවාද කියන ගැටලුව ආපහු බලන්න ඕනි අනිවාර්‍යෙන්ම..විශේෂයෙන්ම ඉන්දියාව නේපාලය බංගලාදේශය වගේ රටවල් එක්ක...




උපුටාගැනීමකි
❤1
ඉහත සටහනෙන් දැක්වෙන්නේ පසුගිය 20 වසර තුල
ඉන්ඳියාවේ හතු පිපෙන්නාක් මෙන් බිහිවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවයි

‼️2024 මාර්තු වන විට එය 320 ක් දක්වා ඉහල ගොස් ඇත


ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට පහත ලිපිය කියවන්න 👇


https://t.me/NoPMC/80



@NoPMC
‼️KDU ඔස්සේ වෛද්‍ය උපාධිය විකිණීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) ස්ථාවරය


https://youtu.be/s5ETmika64I?si=5ABFhJi-6hlDQiEG


@NoPMC
වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්, කථිකාචාර්ය වරුන් විසින් දීර්ඝ ලෙස සොයාබැලීමකින් පසුව සකස් කල වෛද්‍ය සභාවේ නිර්දේශය උන අවම සුදුසුකම B 3 ද හරි,

එහෙමත් නැතිනම්
කිසිවක් නොදන්න රාජිත සේනාරත්න ඇතුලු හොර මැති ඇමතිලගේ CCS තීරනේද හරි ?

👇


@NoPMC
😱5
NO PMC
වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්, කථිකාචාර්ය වරුන් විසින් දීර්ඝ ලෙස සොයාබැලීමකින් පසුව සකස් කල වෛද්‍ය සභාවේ නිර්දේශය උන අවම සුදුසුකම B 3 ද හරි, එහෙමත් නැතිනම් කිසිවක් නොදන්න රාජිත සේනාරත්න ඇතුලු හොර මැති ඇමතිලගේ CCS තීරනේද හරි ? 👇 @NoPMC
පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සහය දක්වන පිරිස් කියන ප්‍රධාන තර්කයක් තමයි හරි ප්‍රමිතියට කලා නම් ගැටලුවක් නෑ කියන එක.
ඒත් එක්කම කියන තවත් කාරණයක් තමයි වෛද්‍ය පීඨයකට තේරී පත් වෙන්න අවශ්‍ය සුදුසුකම C දෙකයි S එක සහ ඊට වැඩි ප්‍රතිපල තියන ඕන කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න අයිතිය තියනව කියන එක.

හුගක් අය නොදන්න කාරණය තමයි ඔය දෙවෙනි Point එකෙන්ම පලවෙනි point එක violate වෙනව කියන එක.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතින් ගැසට් කරන්නෙ 2018 දී . (ඒ අවම ප්‍රමිතීන් වලින් එක කොටසක් විතරයි ඇතුලත් වීමේ නිර්ණායක/Entry criteria)

‼️මේ අවම ප්‍රමිතීන් සම්බන්ධ ලියවිල්ල හැදෙන්නෙ වෛද්‍ය අධ්‍යාපනය නියාමනය සම්බන්ධව නීත්‍යානුකූල බලයලත් ආයතනය වන වෛද්‍ය සභාව විසින් ක්ෂේත්‍රයේ ප්‍රවීන මහාචාර්ය වරු ,ආචාර්යවරු සහ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික කරුණු සලකා බලලා.

‼️"
පාර්ලිමේන්තුවට යවපු ඒ වාර්තාවේ සඳහන් වුනේ ඇතුලත් වීමේ නිර්ණායක / Entry criteria උසස් පෙල ජීව විද්‍යා අංශයෙන් B 3ක් විය යුතු බව"




හැබැයි රාජිත සේනාරත්න ඇතුලු එවකට හිටපු වෛද්‍ය අධ්‍යාපනය ගැන අබමල්‍ රේණුවක් වත් නොදන්න කැබිනට් මණ්ඩලයේ තනි උවමනාවට B 3 කියන අගය CCS දක්වා අඩු කරලා සම්මත කලා.
හේතුව තමයි ඔය අගය B3 තිබුන නම් කවද හරි දාන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ලාබ ලබන්න පුළුවන් තරමේ සුදුසුකම් තියන පිරිසක් ඉතුරු වෙන්නෙ නෑ.

ඔන්න ඔහොම තමයි නියාමන ආයතන වලට බම්බු ගහගන්න කියල දේශපාලුවො තමන්ට වාසි සෙට් වෙන විදියට නියාමනය උන්ගෙ අතට ගන්නෙ.

"C දෙකයි S එක තියනකන් ක්‍රියාත්මක වෙන්නෙ රාජිත සේනාරත්නගෙයි ඒ කාලෙ හිටපු මැටිමෝල් ඇමතිලගෙයි නියාමනය මිසක් හරි නියාමනය නෙමෙයි"


@NoPMC
😱2💯1
NO PMC pinned a photo
පිකට් එකක් කියන්නෙත් ජීවිතේට එකපාරක් හරි ලැබෙන්නම ඕනේ අද්දැකීමක්.


තමන්ගෙම සහෝදර බැජාලා බැජියල එක්ක ,

විශ්වවිද්‍යාලයට එන්න ඉන්න උපනූපන් දරුවන් වෙනුවෙන් උගුර ලේ රහවෙනකල් කෑගහලා,කිලෝ මීටර් ගනන් පයින් ඇවිදලා, අත්පත්‍රිකා බෙදලා සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න පෙල ගැහෙන එක ජීවිතේ එක පාරක් හරිවිඳින්න ඕනෙම දෙයක්.

📌️මගේ වෛද්‍ය ශිෂ්‍යය ජීවිතේදි දැනට පිකට් 4,5 කට සම්බන්ධ වෙලා තියෙනවා.
ඒ හැම එකකදිම අපේ අය කීවේ ,
මචං අපිට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්.ඒත් අපි වගේම දවසක අපේ තැනට එන්න ඉන්න පොඩි එවුන් වෙනුවෙන් අපි මේ දේ කරමු.උන්ට මාවත රැකල දෙමු.
වෙනුරලා,ත්‍රිමාලා,නිශ්මිලා බාලෙල එයාලගෙ දිවි හිමියෙන් මේක රැකල දුන්න නිසයි අපි අද මෙතන ඉන්නෙ.ඉතින් මචං මේක අපෙත් වගකීමක් අනාගත පරපුරට රැකලා දෙන එක.



@NoPMC
❤8💯2
Ruhuna 💪 🔥
❤6