NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
NO PMC
Photo
බංගලාදේශයේ සිදු වන ශිෂ්‍ය මර්දනයට එරෙහි වෙමු..!
"සිසුන් 6ක් ඝාතනය කර ඇත..!" #StopRepression

බංගලාදේශයේ මේ වෙද්දි මහා පරිමාණ ශිෂ්‍ය උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ රාජ්‍ය සේවයේ රැකියා සඳහා තියෙන කෝටා සිස්ටම් එකට විරුද්ධව. බංගලාදේශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාරට බැහැලා උද්ඝෝෂණ කරද්දි, බංගලාදේශ රාජ්‍ය මර්දනය සහා රජයට පක්ෂපාතී කල්ලි ඇවිත් ඔවුන්ට අමානුෂික ලෙස පහර දීම නිසා දැන් ඒක කෝලහාලයක් වන මට්ටමට ඇවිත්. මේ වෙද්දි සිසුන් 06 දෙනෙක් මියගොස්, 100 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

බංගලාදේශයේ රජයේ රැකියා වලින් 56% ක්ම බෙදී යන්නේ කෝටා සිස්ටම් එකකට. එයින්,
- 1971 නිදහස් සටනට සම්බන්ධ වූ පවුල් වල සාමාජිකයන්ට 30% කුත්,
- කාන්තාවන්ට 10% කුත්,
- සංවර්ධනය නොවූ පළාත්වල අයට 10% කුත්,
- සුළු ජාතීන්ට 5% කුත්,
- ආබාධිත පුද්ගලයන්ට 1% කුත් විදියට තමා බංගලාදේශයේ රාජ්‍ය සේවය බෙදී යන්නේ.

එතකොට දක්ෂතාවය හා ස්කිල් එකට ලැබෙන්නෙ 44% යි.

මේ 56% ත්, විශේෂයෙන්ම අර 1971 නිදහස් සටනට සම්බන්ධ වූ පවුල් වල සාමාජිකයන්ට ලැබෙන 30%, බෙදන්නෙ රජයට පක්ෂපාතී අයට රජයට උවමනා විදියට දේශපාලන පත්වීම් විදියට. 2018 දීපු උසාවි නියෝගයකින් මේ කෝටා සිස්ටම් එක අහෝසි කළත්, මෑතකදි රජය විසින් නැවතත් ඒ කෝටා සිස්ටම් එක ගෙනත් තියෙනවා.

මෙහිදී සැළකිය යුතු වැදගත්ම දේ වන්නේ, 3000 ක් වැනි රාජ්‍ය අංශයේ ඉතා සීමිත පුරප්පාඩු වලට උපාධිදාරීන් ලක්ෂ 04 ක් පමණ තරඟ කරනවා. මෙතනිනුත් 56% ක් දේශපාලන පත් වීම් උනාම සිද්ධ වෙන්න පුළුවන් හානිය සුළුපටු නෑ.

මේකට විරුද්ධව තමයි ශිෂ්‍යයෝ පාරට බැස්සේ..!
MD Ismail Miaji