NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
NO PMC
Photo
ඉස්සරහට මෙහෙම් වෙන්නත් බැරි නෑ හැබැයි. 💔😂



දැනට MBBS degree එකට කෝටි 1.25 ක් කීවට ඉස්සරහට ඕක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා😂 SLIIT එකේ උනත් මුල්ම කාලේ ලක්ශ 5,6 කට තිබ්බ IT degree එක තමා දැන් ලක්ශ 30 කට ආසන්න වෙලා තියෙන්නෙ.
එතකොට ඉස්සරහට කෝටි 2 පන්නයි PMC වලින් දෙන MBBS Degree එක.
අනික හතු පිපෙන්නා වගේ PMC පටන් ගත්තම දැනට ලංකාවේ තියෙන රාජ්‍ය වෛද්‍යපීඨ 12 ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු ටික ලොකු salary එකක් දෙද්දි පෝලිමේ ඒවට යන්න ගත්තම රජයේ වෛද්‍යපීඨවල ගුණාත්මකභාවය නිකන්ම නැති වෙනවා.

මොකද ලංකාවේ pmc වල උගන්නන්න ඉන්දියාවෙන් මහාචාර්යවරු එන්නෙ නෑනේ.ලංකාවේ medical faculty වල ඉන්න ටික දෙනාවම තමා ලොකු ලොකු salary පෙන්නලා බිලීබාගන්නෙ.ඒක SAITM එකෙත් උනානේ.රජයේ ඒවගේ පඩිය ලක්ශ 2 යි නම් SAITM එකෙන් ලක්ශ 5 ක් දුන්නා.එතකොට කවුද නොයා ඉන්නේ..😒


අනික මේ විදිහට ආචාර්යවරු සීමිතයි සම්පත් සීමිතයි කියල එදාට අනිවාර්යයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලය වල intake එක අඩු වෙනවා මයි.ඒක 1000% sure 💔
එතකොට වෙන්නෙ දැනට AAB දාලා medical faculty යන ලමයටත් යන්න බැරි වෙනවා ඒ ලමයට කෝටි 2 ක් නැතිනම්.
එතකොට ඔය ගොඩක් අය කියන කොළඹ A3 ක් දාලත් medicine යන්න බැරි වෙන ලමයි ඉන්නවා එයාල වෙනුවෙන් තමා මේක ගේන්නේ කියන එකට මොකද වෙන්නෙ.pmc ආවම ඒ ප්‍රශ්නෙ දෙගුණ තෙගුණ වෙනවා මිසක් අඩුවක්නම් වෙන්නෑ..💔


අනික pmc වලට support කරන අය කියන්නෙ නිදහස් අධ්‍යාපනය නෙමේ අධ්‍යාපනය ඇති නිදහසයි ඕනේ කියලනේ.තමන් කැමති දෙයක් කරන්න දෙන්න ඕනේ කියලනේ..එතකොට අර විදිහට සම්පත් සීමිත වෙලා intake අඩු උනාම AAB ගත්ත ලමයටත් medicine යන්න බැරි වෙලා ඒ ලමයට කෝටි 2 ක් නැතිනම්, සල්ලි නැති නිසා එයාට ආස දේ කරන්න බැරි වෙද්දි ඒවට ඔය පන්ඩිත උන් මොකක්ද දෙන උත්තරේ.


Pmc ඕනේ කියන උන් කියන්නේම තනිකර පුහු තර්ක.

@NoPMC
💯15
😂

IT degree කරපු සහ කරන නංගිලා මල්ලිලා ලාට priority eka දෙන්න පුළුවන් නම් හොඳයි 😌
All rounders ල එයාල😌
Medicine ගැන දන්නවා...😌
Standards ගැන දන්නවා...😌
Medical Exams ගැන පුලුල් දැනුමක් තියෙනවා...😌
Medicine පොත් ටික එක පාරක්
කියවල,AI technology එකෙන් symptoms interpret කරල බෙහෙත් දෙන්නත් දන්නවා...😌
මගේ list එකෙත් සෑහෙන්න දක්ෂ මල්ලිල හිටියා..😁
සෑබෑම දක්ෂයො එයාල...❤️😌
කුහක දොස්තරල proffessors ල වගේ නෙමේ😌



@NoPMC
💯3❤1
💯1
NO PMC
Photo
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) යනු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආරක්ෂක හමුදා සේවා වලට අවශ්‍ය විශේෂ පුහුණු නිලධාරීන් ඇති කිරීම අරමුණු කරමින් පිහිටවූ ආයතනයකි. (Parliamentary Act No. 68 of 1981) නමුත් වර්තමානයේ එම අරමුණින් බැහැරව යමින් මුදල් ගෙවීමේ පදනම යටතේ උපාධි ලබාදෙන ආයතනයක් වශයෙන්ද කටයුතු කරමින් පවතී. එය පාලනය වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන අතර මීට පෙරද මතභේදාත්මක කොතලාවල විශ්ව විද්‍යාල පනත හරහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණයෙන් සහ උසස් අධ්‍යාපන පනතේ විධිවිධාන වලින් සම්පුර්ණයෙන් ස්වාධීන කර මෙම ආයතනය පවත්වාගෙන යාමට උත්සාහ දරන ලදී.

කොතලාවල ආයතනය තුළ ආරක්ෂක අංශ වල සේවය සඳහා කැඩෙට් නිලධාරීන්ට වෛද්‍ය පුහුණුව ලබාදෙන අතර එම උපාධි පාඨමාලාවට අදාළව පවා ඇතුළත් වීමේ සුදුසුකම්, බඳවාගැනීම් පටිපාටිය ආදිය පිළබඳ ගැටලුකාරී තැන් රාශියක් තිබේ. උසස් පෙළ ප්‍රතිඵලයන්ට අමතරව සම්මුඛ පරීක්ෂණ, වෙනත් සුදුසුකම් පරීක්ෂා කිරීම ආදී පාරදෘශ්‍ය නොවන ක්‍රමවේදයන් භාවිතා කිරීමත්, දේශපාලන හා නිල බලය මත පදනම්ව සිසුන් අනියුක්ත කරගැනීම පිළිබඳව චෝදනා එල්ල වී තිබීමත් ඊට උදාහරණ සපයයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිළිබඳ සාකච්ඡාව නැවත කරළියට පැමිණියේ ඒ හරහා දේශීය සිසුන්ට මුදල් ගෙවා වෛද්‍ය උපාධිය පිරිනැමීමට ඉඩ සලසමින් පසුගිය අප්‍රේල් 09 වෙනිදා නිකුත් වූ කැබිනට් පත්‍රිකාව සමඟිනි. ඒ අනුව රු. ලක්ෂ 125 කට වෛද්‍ය උපාධිය ලබා දීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

2022/23 වසරේ දී ජීවවිද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන් සංඛ්‍යාව 40,329 කි. එයින් A සාමාර්ථ 3 ක් ලබා ඇත්තේ 817 ක් පමණි. (2.03%) S සාමාර්ථ 3 කට වඩා ලබා විශ්ව විද්‍යාල "අවම ප්‍රවේශ සුදුසු කම" ලබා ඇත්තේ 23,178 කි. (57.47%) ඒ අතරින් ශිෂ්‍යයින් 12,000 ක් විවිධ උපාධි පාඨමාලා සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගෙන ඇති අතර වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කරගත් ශිෂ්‍යයින් ගණන 2085 කි. ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත් වූ ශිෂ්‍යයින්ගෙන් 09% ක් ද, විශ්වවිද්‍යාල වලට ඇතුළත් වූ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 17% ක් ද ඇතුළත් වී ඇත්තේ වෛද්‍ය පීඨ වලට ය.

එමෙන්ම දැනට රට තුළ පවතින මානව හා භෞතික සම්පත් ප්‍රමාණයට සාපේක්ෂව වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ උපරිමය වෙත අප ළඟා වී ඇති අතර එහි බලපෑම රාජ්‍ය වෛද්‍ය පීඨ වලටද දැනී තිබේ. තවදුරටත් වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැක්කේ එහි අවම ප්‍රමිතිය පහත දැමීමෙන් පමණක් බව වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රවීණයින්ගේ මතයයි. එවැනි තත්වයක් යටතේ මුදල් ගෙවා වෛද්‍ය උපාධිය හැදෑරීමට KDU හි දොරටු විවර කරන්නේ කාගේ උවමනාවටද?

මේ මොහොත වන විට අපේ රට උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී ඇති අතර පසුගිය වසර 04 තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය 11% සිට 26% දක්වා ඉහළ යන ලදී. එනම් මේ වන විට රටේ ජනගහණයෙන් 1/4 ක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර පසුගිය වසර 04 තුළ පමණක් මිලියන 3.3 ක් ජනතාව අලුතින් දුප්පතුන් බවට පත්ව තිබේ. (Worldbank Report - 2024) එමෙන්ම මිලියන 3.9 ක් ජනතාව ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර, මූලික සෞඛ්‍ය, පෝෂණ හා අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට කඩිනම් උපකාර අවශ්‍ය බවට තක්සේරු කළ ළමුන් සංඛ්‍යාව මිලියන 2.9 කි. (UNICEF Sri Lanka Humanitarian Report - 02, 2023)

දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දීමත්, දරුවන් අඛණ්ඩව පාසලට යැවීම සඳහා පාසල් උපකරණ හා ප්‍රවාහන ගාස්තු සඳහා වියදම් දැරීමත් බරපතල අභියෝගයක් බවට පත් වී ඇති ජනතාවකට ලක්ෂ 125 ක් ගෙවා වෛද්‍ය උපාධි මිලදී ගැනීමට යෝජනා කිරීමේ පදනම කුමක්ද?

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේත්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේත් ව්‍යාපෘතිය පිටුපස ඇත්තේ එක් උවමනාවක් පමණි. එනම්, පොදු ජනතාවගේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේත්, වරප්‍රසාද ලත් පංතියට පමණක් අධ්‍යාපන අවස්ථා සීමා කිරීමේත් උවමනාව ය. එම ව්‍යාපෘතිය පරාජය කොට නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා පෙරට එන ලෙස අපි ඔබට ආරාධනා කරමු!

උපුටා ගැනීම - Doctors For Free Education



@NoPMC
💯9
Medical education ගැන ලංකාවේ ඉන්න එකම professor ඉන්ඳික සර් (colombo medical faculty)
ටත් වඩා දන්නවා වගේනේ ගොඩක් උන් talk දෙන්නෙ 😒


@NoPMC
💯11
තව අවුරුදු 6,7 කට පස්සේ accident එකක් එහෙම කරගන්න එපා කවුරුත් 😏

තමන් දන්නෙවත් නැතුව සිහිය නැතුව hospital admit කරලා A&E එකට දාලා එතන ඉන්නෙ ලංකාවේ හන්ඳියක් ගානේ දාපු කිසිම quality එකක් නැති pmc එකකින් ආව Dokek නම් , ඔයාලටම එයාලගේ skills චෙක් කරගන්න පුළුවන්.😗
(පල්ලෙහා ෆොටෝ එක නිකන් දැම්මේ.ඒකේ සම්බන්ධයක් නෑ 😂)

රජයේ කැම්පස් වලයි පිට රට quality medical college
(ලංකාවේ අය යන පිටරට medical college අති බහුතරයක් (90%) private නොවන බවත් අති බහුතරය එම රටවල රාජ්‍ය විශ්වවිද්‍යාලය වන බවත් සලකන්න.දන්නෙ නැතිනම් අදවත් දැනගන්න 😏)

වලිනුයි ආවට ගියාට degree දෙන්නේ නෑ.සායනික කාලෙ පුරාම ලෙඩ්ඩු 1000 ක් 2000 කටත් වඩා පරීක්ෂා කරන්න ලැබිල, සියගානක් පොත් කියවලා පුළුවන් තරම් එක්සෑම් වලින් ටෙස්ට් වෙලා අන්තිමට මුලු රටටම දෙන එකම එක්සෑම් එකකින් rank වෙලා එළියට එන product එකකයි... සල්ලි බලේට දේශපාලන ඇඟිලි ගැහිලි වලට යට වෙලා,final common exam එකවත් නොලියා උන්ට ඔනේ එක්සෑම් එකක් ලියාගෙන, patient ලා අතේ ඇඟිලි ගානටවත් නැති hospital වලින් සායනික පුහුණුව අරන් එළියට එන බාල product එකකයි වෙනස අහසට පොලොව වගේ මචං.
ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඕන කෙනෙක්ට💔.

colombo medical faculty එකෙත් 1st clz 6,7 ක් වෙනකොට Saitm එකේ 1st clz 100 ක් විතර දාල pass presentage එකත් ලංකාවේ කිසිම gov faculty එකක් නැති තරම් වෙනකොටවත්, ERPM ලියන්න බෑ කියලා නඩු දාද්දි අපේ රටේ ඉහල පුටුවල ඉන්න උන්ට ඇස් ඇරුනේ නෑ saitm එකේ quality එක ගැන.අන්තිමට GMC (uk) වලින් පවා ban උනාට පස්සෙ තමා අපේ ඉහල පුටුවල උන්ගේ ඇස් ඇරුනේ.එහෙව් පාලකයො ඉන්න රටකයි ඉන්නෙ කියල මතකතියාගන්න.💔

දැන් කට්ටිය ඩොකාලගෙ මොනොපොලි එක ගැන කිය කිය උන්ට පාඩමක් උගන්නන්න කියල ඩොකාලට බැන බැන තමන්ට සමහරවිට යන්න තියා හිතනවත් බැරි PMC වලට කඩේ ගියාට අන්තිමට තව අවුරුදු 6,7 කින් තමන්වම,තමන්ගේ අම්ම තාත්තව දාගන්නේ මොන වගේ Situation එකකටද කියල සමහරවිට ගොඩක් උන් දන්නෑ 😏
( හරියට උනුවෙන වතුර හැලියේ ආතල් එකේ පීන පීන ඉන්න කකුලුවො වගේ 😂)

අනික campus එකෙන් out උනාට පස්සේ ඩොකෙක්ව ආය චෙක් වෙන්නෙ නෑ කොහෙන්වත්.එතකොට කැම්පස් එකේ උගන්නන එක quality නැත්තං උන් හොරාට පාස් කරලා එව්වොත් උබලට අපිට තියා සක්කරයටවත් ආය ඒක හොයාගන්න වෙන්නෑ මචං 😏
💯15
😢9💯1
ප්‍රමිතිය , නියාමනය කියන්නෙ මෙහේ නිකන්ම නිකන් වචන දෙකක් විතරයි බන්🙂
This media is not supported in your browser
VIEW IN TELEGRAM
දේශපාලනික‍ අඩිතාලමක් සහිතව මැර බලය භාවිතා කොට ගනිමින් KDU පිහිටුවීමෙන් පසුව, 2022 වර්ෂයේ KDU සදහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 2000 වෙන් කර තිබු අතර 2024 වර්ෂයේ දී එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 3500 දක්වා වැඩි කර ඇත..

සමස්ථ අධ්‍යාපනය සදහා වෙන් කෙරූ මුදල පසුගිය වකවානුව ට වඩා අඩු කරමින් පවතින වෙලාවක රාජ්‍ය විශ්වවිද්‍යාල සදහා වෙන් කරන මුදල තවත් අඩු කිරීමෙන් ලංකාව තුළ පවතින සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටම පැහැදිලිව පෙනෙන බලපෑමක් එල්ල වනු නොවේද ?

එලෙසම රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක් සදහා වෙන් කරන ලද මුදලට වඩා වැඩි මුදලක් තනි KDU සදහා යොදවා තිබෙන්නේ කුමන අරමුණකින්ද?
ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?
💯3
NO PMC
ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?
ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?

19 වන සියවසේ මුල් භාගයේදී (1835) කල්කටා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම මගින් දකුණු ආසියාවේ ප්‍රථම වරට ක්‍රමවත් වෛද්‍ය අධ්‍යාපනයක් ස්ථාපිත කල රට බවට ඉන්දියාව පත් විය.

ඉන්පසු පිලිවෙලින් මදුරාසි,කේරල ආදී වෛද්‍ය පීඨ සහ රජය මගින් පිහිටවූ වෙනත් උසස් ප්‍රමිතියේ වෛද්‍ය විද්‍යාල ආරම්භ විය.ඒවා මගින් බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුකූලව සංවිධානාත්මක අධ්‍යාපනයක් හා උසස් සායනික පුහුණුවක් ලබා දෙන ලදී. එතැන් සිට ක්‍රමිකව වර්ධනය වූ එරට වෛද්‍ය අධ්‍යාපනය ලොව ප්‍රමුඛ පෙලේ දක්ෂ වෛද්‍යවරුන් බිහි කිරීමට සමත් විය.අදටත් ලොව පුරා විසිරී සිටින දක්ෂ ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් ඒ හරහා බිහි විය.
නමුත් පසුගිය දශක කීපයේදී ඉන්දීය ජනගහනයයේ සිදුවූ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් එරට ඇතිවූ වෛද්‍යවරුන් හිගයට පිලියම් ලෙස පෞද්ගලික අංශය මැදිහත් කරගන්නා ලදී.

ඉන්දිය වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට කණකොකා හැඩීමට පටන් ගත්තේ එතැන් පටන් ය.ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාල අතලොස්සක් මේ හරහා බිහි වුවත් රජයේ සහ කූට දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය.1980 දී 10කට අඩු ගණනකින් ඇරඹුන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛාව අද වන විට280 ගණනක් දක්වා වැඩි වී ඇත.

මේවා බොහෝමයක් ලාභ ලැබීමේ පටු අරමුණ පෙරදැරි කරගන ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ සහ සායනික පුහුණුවේ ප්‍රමිතිය විශාල වශයෙන් පහත දැමීම දක්නට ලැබුනි.
බොහෝ විට මේවායෙ ඉගැන්වීම් සදහා දේශීය හා විදේශීය සුදුසුකම් රහිත ආචාර්යවරුන් සම්බන්ධ කරගැනීම දක්නට ඇත.ඇතැම් විට මෙම වෛද්‍ය විද්‍යාල වල සායනික පුහුණුව ලබා දීම සඳහා මුඩුක්කු වල නිරෝගී ජනතාව ලෙඩුන් මෙන් සකසා ඉදිරිපත් කිරීම,ළමා රෝග සායනික පුහුණුව සඳහා මුඩුක්කු වල නිරෝගී ලමුන් වංචනික ලෙස යොදාගැනීම සිදුකරන බවද රොයිටර් පුවත් වාර්තාවක දැක්වෙයි.

මෙම වෛද්‍ය විද්‍යාල බොහෝ විට වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ කිසිදු දැනුමකින් තොර රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් විසින් ආරම්භ කරන ලද අතර මෙම වෛද්‍ය අධ්‍යාපන මාෆියාව මෑත කාලයේදී ඔවුන් විසින් දේශපාලකයන් හා ඉන්දිය වෛද්‍ය සභාවට අල්ලස් දී ඔවුන්ව නම්මා ගැනීමට තරම් බලවත් විය.
ඉන්දීය වෛද්‍ය සභාවේ (MCI) පෙර සිටි සභාපති වරයා අල්ලස් චෝදනා වලට ලක් වන්නේ මේ වැනි පසුබිමක ය.

එසේම ධනවත් පුද්ගලයන් විසින් අල්ලස් ලබා දී මූලික සුදුසුකම් වලින් තොර ශිෂ්‍යයන් ඇතුල් කරගන්නා වටපිටාවක් ද නිර්මාණය වී ඇත.සාමාන්‍ය ක්‍රමයට පිටතින් යමින් උසස් ප්‍රතිපල සහිත සිසුන්ගෙන්ද අධික ගාස්තු අය කිරීම නිසා ඔවූන්ට වෛද්‍ය අධ්‍යාපනය අත් හැර දැමීමට සිදුවන අවස්තා ද බහුල ය.

බටහිර රටවල් වල ඉන්දීය වෛද්‍යවරුන් ට තිබූ පිලිගැනීම මෑතක සිට සීඝ්‍රයෙන් අඩුවෙමින් ඇත. එංගලන්තයේ 2008-2014 කාලය තුලදී ඉන්දීය වෛද්‍යවරුන් වැඩ තහනමට ලක් වීම 4 ගුණයකින් ඉහල ගොස් ඇත.
එසේම ඉන්දීය වෛද්‍යවරුන් විසින් සිදු කරන අපරාධ සහ වෙනත් රටවලදී ඉන්දීය වෛද්‍යවරුන් බන්ධනාගාර ගත වීමද ඉහල ගොස් ඇත.

එමෙන් ම ඉන්දියාවේ වෛද්‍ය පීඨ බොහෝමයක් සදහා දියුණු රටවල වෛද්‍ය සභා වලින් Black list වලට ඇතුලත් කර ඇත. (ලංකාවේ SAITM ආයතනය ද මෙසේ රටවල් කීපයක ම Black List ගත වීමේ වාසනාව උදා කරගත්තේය.)

එසේම ඉන්දියාවේ ළමා හා මාතෘ මරණ අනුපාතය ආදී සෞඛ්‍ය දර්ශක ද අද වන විට ඉතා පහත් මට්ටමක පවතී.ඉන්දීය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව ඉන්දීය වෛද්‍ය වරුන්ගේ ප්‍රමිතිය මේ ආකාරයෙන් පහල බැසීමට ලක් ව ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ආරම්භයත් සමගයි.

අතීතයේ කලාපයේ ඉහල ප්‍රමිතියකින් යුත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දුන් ප්‍රමුඛ රට වන ඉන්දියාවේ වත්මන් තත්වය කෙතරම් ශෝචනීය ද?

මෙම වරද නිවරදි කරගැනීමට ඔවුන්ට කෙතරම් කල් ගත වේද?

අද වන විට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ට විරුද්ධ මතයක් දැරීම ඇතැම් විට සමහරුන්ගේ නිර්දය විවේචනයට ලක් වේ එසේ කතා කිරීම කුහක කැම්පස් කාරයෙක් යන ලේබලයෙන් පිදුම් ලැබීමට හේතු වේ.

නමුත් ඉන්දියාව හා සංසන්දනය කරන විට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගුණාත්මක බව පසුගිය මාස කීපය ඇතුලත හොදින් තහවුරු විය. එසේම විදෙස් රටවල ලංකාවේ වෛද්‍යවරුන් ට ඇති පිලිගැනීමද කෙතරම් ද යන්න බොහෝ දෙනෙකු නොදනී.

📌️එසේම තවත් වසර 2,3 කින් රටේ වෛද්‍යවරුන් ප්‍රමාණය අවශ්‍ය තරම ද ඉක්මවා යන බව දත්ත විශ්ලේෂණ මගින් පෙන්වා ඇත.

(‼️ඉහත කරුණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කල ගණනයන් සහ හැන්සාඩ් වාර්තාවේ කරුණු 👇

https://t.me/NoPMC/8 )


ඒ නිසා ඉන්දියාවේ මෙන් පෞද්ගලික අංශය මීට සම්බන්ධ කරගැනීමේ විශාල අවශ්‍යතාවක් ද නැත
ලංකාවේද පසුගිය දශක කීපයේ සිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම හා ඒවායෙ ප්‍රමිතිය ප්‍රශ්න කිරීමට ලක් විය. මේ කිසිවක් මායිම් නොකර නැවතත් රටේ අධ්‍යාපනය විනාශ කිරීමට යමෙක් උත්සහ කරයිද එය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මලගම සිදුවන දිනයකැ යි සිහි තබා ගැනීම වටිනේ ය.

මූලාශ්‍ර
❤6💯5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Pmc පිළිබඳ කොළඹ වෛද්‍යපීඨ ආචාර්‍ය සංගමයේ නිල නිවේදනය


එහි අසංශිප්ත පරිවර්තනයක් පහත පරිදි වේ.

https://t.me/NoPMC/86
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය වන අපි, ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය අවිධිමත් හා සීමා රහිත ලෙස ව්‍යාප්ත කිරීමෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමු. මෙය දේශපාලන සහ ලාභ ලබාගැනීමේ අරමුණු මත මෙහෙයවනු ලබන අතර, රටෙහි සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමෙහි ප්‍රතිපලයයි.

ලාභ ලැබීමේ අරමුණු මත, වාර්ෂිකව සිසුන් 500ක් බඳවා ගන්නා වෛද්‍ය විද්‍යාලයක් අනුමත කරමින් සහ ශික්ෂණ රෝහල ලෙස හෝමාගම මූලික රෝහල අනුයුක්ත කරමින් පලවූ කැබිනට් පත්‍රිකාව මෙහි මෑතම ප්‍රතිපලයයි. මෙය, වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවලට පවා පටහැනි තීරණයක් ලෙසත් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසත් අපි දකිමු. මෙම පියවර රාජ්‍ය වෛද්‍ය පීඨ තවදුරටත් අවදානමට ලක් කරයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව සිසුන් 100ක කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා ඇඳන් 700කින් යුත් රෝහල් සංකීර්ණයක් අවශ්‍ය වේ. දැනට හෝමාගම මූලික රෝහලට ඇති ඇඳන් සංඛ්‍යාව 475ක් පමණ වන අතර, එම රෝහල දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විසින් සායනික පුහුණුවීම් සඳහා භාවිතා කරනු ලැබේ.

වසරකට සිසුන් 500ක් බඳවා ගන්නා තවත් වෛද්‍ය විද්‍යාලයක පුහුණු අවශ්‍යතා සපුරාලීමට හෝමාගම මූලික රෝහලට නොහැක. මෙම පියවර ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණු අයිතිවාසිකම් උල්ලංඝණය කරයි. ගුණාත්මක බවින් අඩු පුහුණුව, රෝගීන්ගේ ආරක්ෂාව අවදානමට ලක්කරන අතර සෞඛ්‍ය අංශයේ ගුණාත්මක
භාවයද අනතුරේ හෙළයි.

රාජ්‍ය වෛද්‍ය පීඨ වල දැනට පවතින අර්බුද නොවිසඳා, වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකා හැර, විද්‍යාල ව්‍යාප්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වර්තමාන වෛද්‍ය සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට කරන බලවත් අසාධාරණයකි. මෙම අවිධිමත් හා වගකීමකින් තොර ව්‍යාප්තිය, දැනට පවතින, ජාත්‍යන්තරව පිළිගත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට තුඩු දෙනු ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය වන අපි, පහත සඳහන් කරුණු නැවත අවධාරණය කර සිටිමු.

ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනයේ (WFME) විධානය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් නියම කර ඇති වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කිසිදු තත්වයක් යටතේ පහත හෙලීම නොකළ යුතුය.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය නොකළ යුතුය.

අලුතින් පිහිටුවන ලද රාජ්‍ය වෛද්‍ය පීඨවල යටිතල පහසුකම් හා මානව සම්පත්වල බරපතළ අඩුපාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවැරදි කළ යුතුය.

ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය සඳහා නව වෛද්‍යවරුන් සහ විශේෂඥයින්ගේ අ පේක්ෂිත අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. වර්තමාන අර්බුදකාරී තත්වය, මනාව සැලසුම් කළ ප්‍රතිපත්තියක් නොමැතිකමේ සෘජු ප්‍රතිඵලයකි.

දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල බරපතල ගැටළු නිරාකරණය කරන තුරු, රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් නව වෛද්‍ය පීඨ ස්ථාපිත නොකළ යුතුය.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළ බරපතළ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, රාජ්‍ය වෛද්‍ය පීඨවල පැවැත්ම අනතුරේ හෙළන අහිතකර ක්‍රියාමාර්ගවලින් වළකින ලෙසත්කො ළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.




@NoPMC
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Pmc ගැටලුව හොඳටම පැහැදිලි කලා කොලඹ වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමය විද්‍යාත්මක දත්ත විග්‍රහයක් එක්ක.
(අදාල ලිපිය ඉහතින් )

එයාල පැහැදිලිවම කියනවා මොරටු සබරෙ වගේ වෛද්‍ය පීඨ ස්ථාවර වෙනකල් pmc නෙවෙයි රජයේ වෛද්‍ය පීඨයක්වත් යළි ආරම්භ නොකල යුතුයි කියලා.

Pmc එපා කියන උන්ට කුහකයො කියන බහුතරයක් රාජ්‍ය විශ්වවිද්‍යාල විශේෂයෙන්ම සබරෙ මොරටු වගේ වෛද්‍ය පීඨ වට්ටනවා අනිවාර්‍යෙන්ම අපි pmc ගේනව වගේ පට්ට අන්තවාදී අදහස් වෛද්‍ය සභාවෙම ප්‍රොෆෙසර් පුංචිහේවා වගෙ පිස්සො කියනකොට මුනිවත රකින එකත් එක්තරා විදියක කුහකකමේ ප්‍රභේදයක්ම තමා ඔය කුලකයට ඊලඟට එකතු වෙන්නෙ අලුත් ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය...pmc එනකොට රාජ්‍ය පීඨ ටිකට මොකද වෙන්නෙ කියලා ප්‍රායෝගිකව අද්‍යනය කරන්න ආස අයට හොඳ නිදසුන් ටිකක් ඔය පීඨ....ලොකු ලොජික් ඕනි නෑ nmra පනත කියන්නෙ හොඳම පනතක්..නියාමනනය වෙන්නෑනෙ ඖෂධ යාන්ත්‍රණය රටේ....එහෙම ප්‍රතිපත්ති නවන උන් එක්ක නියාමනය කියන්නෙ දැකිය යුතු සිහිනයක් නෙවෙයි ඉතිං.

ඇත්තටම pmc වලින් සෞඛ්‍ය පද්ධති ශක්තිමත් උන දකුනු ආසියානු රටවල් තියෙනවාද කියන ගැටලුව ආපහු බලන්න ඕනි අනිවාර්‍යෙන්ම..විශේෂයෙන්ම ඉන්දියාව නේපාලය බංගලාදේශය වගේ රටවල් එක්ක...




උපුටාගැනීමකි
❤1
ඉහත සටහනෙන් දැක්වෙන්නේ පසුගිය 20 වසර තුල
ඉන්ඳියාවේ හතු පිපෙන්නාක් මෙන් බිහිවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවයි

‼️2024 මාර්තු වන විට එය 320 ක් දක්වා ඉහල ගොස් ඇත


ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට පහත ලිපිය කියවන්න 👇


https://t.me/NoPMC/80



@NoPMC