NO PMC
Photo
ලගදි වෙච්ච KDU සිදුවිමත් එක්ක පොඩ්ඩක් Medical education ගැන කතා කරන්න හිතුනා. කට්ටියටම තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි CCS ඇතිද කියන එක. CCS ඇතිද නැද්ද කියන එක Medical Faculty ඉන්න අය දන්නවා. අනිත් අයට පොඩ්ඩක් දැනගන්න තමයි මේක Share කරන්නෙ. KDU එකේ intake එක දැක්ක ගමන් මට හිතුනා වෙන රටවල් ටිකක Entrance Requirements බලන්න. මගෙ ඔලුවට ආවෙ Malaysia and UK
(Healthcare World Ranking 2023, LK-47,Malaysia -42, UK-34)
පහලින් මම Malaysian Medical Council (MMC) එකේ minimum requirements, UK වල අපි දන්න Uni ටිකක Last Year Minimum Requirements දාල තියන්නම්. කට්ටියම ඒ ටික බලන්නකෝ. එතකොට තේරෙයි.Minimum requirement එක CCS වලට වඩා අවශ්‍ය ඇයි කියල ඕනෙ තරම් පැහැදිලි කරලා ඇති. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න.
මන් පහුගිය දවස් ටිකේ Share වෙච්ච Post ටිකකුත් දැක්කා. Healthcare Field එකට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුත් CCS තියන අය Doctors ල කරවන හැටි ගැන හෑලි ලියල තියන හැටිත් දැක්කා. සමහර අය Government Faculty ලමයි කුහකයෝ කියලත් කියල තිබ්බා. ඒවා දකින කොට ඉතින් ලංකාව තාම 3rd World රටක් වෙලා තියෙන්නෙ ඇයි කියලත් තේරුනා. (Healthcare System එක හැබැයි Almost First World. එහෙම වෙලා තියෙන්නෙ ලංකාවෙ healthcare වලට funding ගොඩක් හම්බවෙන නිසා නෙමෙයි UNI ටිකෙන් හරි doctors ල ටිකක් Train කරලා Out කරන නිසා කියලවත් තේරෙන්නෙ නැත්තන් ඉතින් මට තව කියන්න දෙයකුත් නැ). ගොඩක් අය හිතන් ඉන්නෙ අපි මේකට විරුද්ද අපේ job වලට කෙල වෙයි කියලා බය නිසා කියලා. දැනට Medical Faculty ඉන්න කවුරුවත් ඔය intake එකේ ඉන්න අය එක්ක Job market එකේ තරග කරන්නෙ නැ. ඒ නිසා අපි ඔක්කොටම අදාල නැ වගේ ඉන්න පුලුවන්. හැබැයි කවදා හරි healthcare system එකේ quality එක අඩු වෙලා මිනිස්සු අකාලේ මැරුනොත් ඔය CCS ඇති කියන අය සාප කරන්නෙ ඕක වෙනව කියල කලින්ම කිව්ව අපිටත් එක්ක.
.
Prevention is better than cure
ලංකාවෙ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෙ නැති වචන පහක්
https://mmc.gov.my/wp-content/uploads/2023/10/Minimum-Qualifications-for-Entry-into-Medical-Programme-Edition-22022-Effective-1-January-2024.pdf
https://www.medschools.ac.uk/media/3060/uk-medical-school-entry-requirements-2024-entry.pdf
Copied

❤6😱2
NO PMC
@NoPMC
‼️සමහරක්ගේ ගැටළුව :- ' දියුනු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බහුලව පැවතියමුත් , ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීමට යනවිට විරුද්ධ වන අයවලුන් ඇත්තටම කුහකයින්ද? '
---------------------------------------------------------------------
ලියන්නේ අජන්ත - Ajantha වෙනුවෙන් ST.
@NoPMC
---------------------------------------------------------------------
මෙම ප්රශ්නය ගැන වඩාත් පුළුල්ව කියවාගැනීමට නම් පලමුවෙන්ම අපි මෙ 'පෞද්ගලික වෛද්‍ය විද්‍යාල' කියන්නෙ මොකක්ද, ලෝකයේ දැනට ස්ථාපිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැවතීමේ අරමුණු මොනවද කියන එක ගැන මනාව තේරුම් ගත යුතුයි.
රටක වෛද්‍ය අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ඒ ඒ රටවල් වල සෞඛ්‍ය ක්ශේස්ත්‍රයට අවශ්‍ය වෘතිකයන් ප්‍රමානය නිර්මාණය කරගැනීම සඳහායි. මෙහිදි යම් රටක රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඒ රටෙ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය පවත්වාගැනීම අවශ්‍ය වෛද්‍ය වෘතිකයන් ප්‍රමාණය නිර්මාණය කරන්න ඕනෙ. එසේ කිරීමට අසමත්නම්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මඟින් රටෙ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය පවත්වාගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය වෘතිකයන්ගෙ මදිපාඩුවට නිර්මාණය කරගැනීම සිදුවෙලා තියෙනවා.
දැන් උඩදි මම සඳහන් කෙරුව "පෞද්ගලික වෛද්‍ය විද්‍යාල" , අපෙ රටෙ මේ දාන්න හදන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වගේමද කියන කාරණාව ගැන අපි කියවා බැලිය යුතුයි.
වටහාගත යුතු පලමු කාරණාව නම්, ලංකාවෙ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය පවත්ගැනීමම තීරණාත්මක වන මට්ටමේ වෛද්‍ය වෘතිකයන්ගේ රික්තයක් නොපැවතීමයි. එ අනුව ලංකාව වැනි රටක් තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීමෙ අරමුණම හාත්පසින්ම ඔය කියන දියුනු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැවතීමේ අරමුණට වඩා වෙනස්. ලාභ ලැබීම හැරුනුකොටගෙන වෛද්‍ය විද්‍යාලයක් ලංකාව තුල ස්ථාපනය කිරීමට වෙන නිශ්චිත අරමුණක් නෑ. එම රටවල් වල 'පෞද්ගලික' කියලා කියන්නෙ ලංකාවේදි 'පෞද්ගලික' කියන අර්ථයෙන් නෙවෙයි. ලංකාවෙදි පෞද්ගලික අර්ථය ගන්න පුලුවන් වෙන්නෙ ඒ රටවල් වල 'ලාභ අපේක්ෂිත' (For Profit) කියන එකයි. Harvard , Princeton වැනි ලොව ප්රමුඛ මට්ටමේ වෛද්‍ය විද්‍යාල පෞද්ගලික කියලා කිව්වට ඒවා 'සමාජීය ආයතන' , එහෙම නැතුව ලාභ අපේක්ශිත ආයතන නෙවේ. එහෙම වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙ ලිබරල්වාදය වර්ධනය වීමේ ස්වාභාවය අනුවයි. ඊට අනුව එ රාජ්‍යට පිටස්තරව තියෙන සියලු ආයතන පෞද්ගලිකයි. නමුත් අප මතක තියාගන්න අවශ්‍ය දේ තමයි, Harvard , Princeton වැනි මෙ ප්රමුඛ පෙලේ වෛද්‍ය විද්‍යාල වලට අයිතිකරුවන් නෑ කියන කාරණාව. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ වෙනමම භාරයක් (Trust) හරහා. ඒව වල ලාබයන් කාටවත් ගෙදර ගෙනියන්න බෑ. ඒවා දිවෙන්නෙ අවශ්‍යතාවය නිශ්චිත අරමුණ කරගෙන. ඒවා ලාභ අපේක්ශා නොකරන සමාජයීය ආයතන. ලංකාවේදි කියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල වගේ 'ලාභ ලැබිම' මොඩලයක් කරගත් වෛද්‍ය විද්‍යාල මුලු ලෝකෙටම ගත්තම ඇත්තේ ඉතාමත්ම අතලොස්සක්. ඇමෙරිකාවෙ හැර අන් කිසිඳු රටක එවැනි ඒවා දක්නට නැති තරම්. ඇමෙරිකාවේ ද ඇත්තෙ ඉතාමත්ම ස්වල්පයක්. අනික් කාරණාව නම් කොතලාවල වැනි මිලිටරි ආයතන සිවිල් ජීවිතයේ කටයුතු වලට මැදිහත් වෙන්නෙ පකිස්තානය , බුරුමය වැනි හමුදාමය රටවල් වල විතරයි. අනික් රටවල් වල මෙ වගේ දූෂිත වැඩවලට එ රටේ මිලිටරිය යොදාගන්න බෑ
මෙම කරුනුගැන නිසි අවබෝධයක් නැතිවූ විට, අපෙ රටෙ බොහෝ දෙනා සිතන්නෙ බටහිර රටවල්වල ඒ වෛද්‍ය පීඨ ඉතා බහුලව තිබෙන අතර ලංකාවේ ඒවා දමන්නට කුහක වෛද්‍යවරුන් සහා අන්තවාදී ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ දෙන්නේ නෑ කියාය. නමුත් අප තේරුම් ගත යුතු සත්‍යම කරුණ නම් බටහිර රටවල් වල ඒවා නොමැති බවයි!
ලියන්නේ අජන්ත - Ajantha වෙනුවෙන් ST.
@NoPMC
😱9